ආණ්ඩුවේ වන්දි ක්‍රියාවලියෙන් පර්චස් එකකට ලැබෙන්නේ රුපියල් පන්සිය පහයි .

ඉසුරු ජීව එළවළු ගොවි සභාවේ සංවිධායක ලේකම් මහතා මාධ්‍ය හමුවේදී කරුණු දක්වමින් පෙන්වා දුන්නේ දිට්ටුවක් සුළි කුනා‍ටුව හමුවේ රටම කම්පාවට පත්වෙලා ඉන්න මොහොතක අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ගැටලු රාශියක් නිර්මාණය වෙලා තිබෙන පසුබිමක් යටතේයි . සුළි කුනාටුවේ බලපෑමෙන් ගොවියාට විශාල හානි සිදුවෙලා තියෙනවා . එළවළු ගොවියගෙ බිම් විනාශ වෙලා වගාව විනාශ වෙලා නැවත එහි වගා කරන්න බැරි තත්ත්වයක් පත්වෙලා තියෙනවා . පසුගිය දවසක ජනාධිපතිවරයා නුවර පැවති සාකච්ඡාවකදී අදහසක් ප්‍රකාශ කරනවා එළවළු නිෂ්පාදනය අඩු නිසා පිටරටින් එළවළු ගේන්න සිද්ධ වෙනවා වගේ එකක් . ඒ පිළිබඳව අපිට තියෙනවා අදහසක් ඒක ප්‍රකාශ කරන්න තමයි විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාවේදී උත්සාහ කරන්නේ .

මේ හානිය සම්බන්ධයෙන් ක්ෂණික පරීක්ෂණයක් වෙන්න ඕන .. ව්‍යසනයෙන් හානියට පත් වෙච්ච වගා බිමකට රුපියල් ලක්‍ෂ දෙකක වගේ වන්දියක් ලබා දෙන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා . ඒ යෝජනාවෙ තියෙන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්‍ෂ දෙකක් කියලා. හැබැයි ඌව පරණගම නුවරඑළිය වැනි ප්‍රදේශවල ගොවියෝ හෙක්ටයාර් ගණන් ගොවිතැන් කරන්නේ නැහැ . ඔවුන්ගේ ගොවි බිම් පර්චස් ගණන් උපරීම අක්කර කාලක් තියෙන්න පුළුවන්. මේ විදිහේ වන්දි ක්‍රියාවලියක් නිර්මාණය වුණාට පස්සේ පර්චස් එහෙකට ලැබෙන්නේ රුපියල් පන්සිය පහයි .

වෙළඳපළේ කැරට් කිලෝ එක රුපියල් 3000 යි. ගොවියට ලැබුණේ රු160 ක් වැනි සොච්චමක්.

ව්‍යසනය ඇතුළේ එළවළු මිල ඉහළ යද්දී කැරට් කිලෝ එකක මිල රුපියල් තුන්දාහට විතර ගියාට, ගොවිය වන අපිට ලැබුණේ රුපියල් එකසිය හැටක විතර මිලක් . රජය මැදිහත් වෙලා ගොවියන්ගේ එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකසන්න කියලා එළවළු ගොවි සභාවේ සාමාජිකයන් රජයට යෝජනා කරනවා . ඒවගේම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අවට රජය ගොඩනැගිලි කීපයක්ම තියෙනවා ඒවා ප්‍රයෝජනයට අරගෙන රජය මැදිහත් වෙලා ගොවියන්ගේ එළවළු ටික සාධාරණ මිලට ලබා ගන්නවා නම් ඒක ඔවුන්ට කරන උපකාරයක් ලෙස ඔවුන් බලාපොරොත්තු වෙනවා ., එසේ අදහස් ප්‍රකාශ කළේ රණසිංහ නිශ්ශංක ගොවි මහතයි .

වැලිමඩ ගොවි සංවිධානයේ කැඳවුම්කරු රෝහණ රාමනායක මහතා මෙවන් අදහසක් කියා සිටියා . පසුගිය රජයන්වලට සාපේක්ෂව වර්තමාන රජය එළවළු ගොවියා සම්බන්ධයෙන් ඇතිකර ගත් සහ කම්පනය පිළිබඳව ඔහු ස්තුතිය පළ කළ . මේ ව්‍යසනය එන්නේ වැලිමඩ වුව පරණගම ගොවියන් අසීරු තත්ත්වයකට පත්වෙලා ඉන්න විට . ගෙවුණු මාස හයක පමණ කාලය තුළ ඔවුන්ගේ නිෂ්පාදනයන් වලට ලැබී තිබෙන්නේ කිලෝ එහෙකට රුපියල් සියයකටත් අඩු වටිනාකමක් .

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...