Breaking News

මහේශාක්‍ය ජීවිත අවදානමෙන් මිදෙයි

කැබිතිගොල්ලෑව නැබඩ වැව් සීමාවේ බුවනක හා මහේශාක්‍ය යන ඇතුන් අතර ඇතිවූ ගැටුමකින් මහේශාක්‍ය ඇතා අසාද්‍ය තත්වයෙන් පසුවෙන බව පසුගිය 13 වනදා අප වාර්තා කළා. කෙසේ වෙතත් මේ වන විට එම ඇතාට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස සුව අතට හැරෙමින් තිබෙන බව ජනක විතානගේ මහතා අප වෙත දන්වා තිබුණා. මහේශාක්‍ය ඇද වැටුනු මොහොටතේ සිටම අව්ව, වැස්ස නොතකා වෛද්‍යරයා එම ස්ථානයට පැමිණෙන තුරු මහත් කැපවීමෙන් සත්වයාට ග්ලූකෝස් කවමින්, තම කෑම බීමද නොතකා තම දරුවෙකු සේ හස්තියා රැක බලා ගත් ප්‍රියංජන දිල්මින් මහතා කැපවීම පිළිබඳව ද අමතක කළ නොහැකියි.

අද වෙන විට හස්තියා දෙපයින් සිටගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් ඉදිරි දින කීපය ඇතුළත අනතුරු දායක තත්ත්වය පහව යනු ඇතැයි ‍මහේශාක්‍ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරු සහ ඇප උපස්ථාන කළ සැමගේ විශ්වාසයයි.

 

leave a reply