මහේශාක්‍ය ජීවිත අවදානමෙන් මිදෙයි

කැබිතිගොල්ලෑව නැබඩ වැව් සීමාවේ බුවනක හා මහේශාක්‍ය යන ඇතුන් අතර ඇතිවූ ගැටුමකින් මහේශාක්‍ය ඇතා අසාද්‍ය තත්වයෙන් පසුවෙන බව පසුගිය 13 වනදා අප වාර්තා කළා. කෙසේ වෙතත් මේ වන විට එම ඇතාට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස සුව අතට හැරෙමින් තිබෙන බව ජනක විතානගේ මහතා අප වෙත දන්වා තිබුණා. මහේශාක්‍ය ඇද වැටුනු මොහොටතේ සිටම අව්ව, වැස්ස නොතකා වෛද්‍යරයා එම ස්ථානයට පැමිණෙන තුරු මහත් කැපවීමෙන් සත්වයාට ග්ලූකෝස් කවමින්, තම කෑම බීමද නොතකා තම දරුවෙකු සේ හස්තියා රැක බලා ගත් ප්‍රියංජන දිල්මින් මහතා කැපවීම පිළිබඳව ද අමතක කළ නොහැකියි.

අද වෙන විට හස්තියා දෙපයින් සිටගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් ඉදිරි දින කීපය ඇතුළත අනතුරු දායක තත්ත්වය පහව යනු ඇතැයි ‍මහේශාක්‍ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරු සහ ඇප උපස්ථාන කළ සැමගේ විශ්වාසයයි.

මාරාන්තික සටනින් මහේශාක්‍යට  අසාධ්‍යයි –  වනජීවි අවධානය මන්දගාමී

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...