අර්බුදය රනිල් විසින් update කරන අතර අපි විසඳුම සොයාගත යුතුය

නොනවතින ඉන්ධන පෝලිම් සමඟ දෛනිකව රැකියා සඳහා යාම බොහෝ දෙනෙකුට අභියෝගයක් වී තිබේ. බස් රථවල සහ දුම්රියේ ඉතා අවධානම් සහගතව ගමන් කරන ආකාරය මේ දිනවල සුලබ දසුනකි.

මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අවසන් තෙල් නැව අද ලංකාවට පැමිණෙයි. එසේනම් ඉදිරියේදී මේ අර්බුදය තවත් දරුණු වෙනු ඇත.

මීට අමතරව සීමිත බස් රථ ප්‍රමාණයක් මාර්ගවල මාර්ගවල ක්‍රියාත්මක වීම සහ බස් ගාස්තු මිල ඉහළ අගයක් ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ඊළඟ විකල්පය වී ඇත්තේ දුම්රිය සේවයයි. නමුත් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව දරුණු එන්ජින් ඔයිල් හිඟයකට මුහුණ දෙමින් සිටින බවයි. ඒ සඳහා ඩොලර් නොමැති බවද සඳහන් විය.

අවම වශයෙන් තෙල් ලබාදීම තබා ප්‍රවාහන ගැටළු විසදීමට අදාළව ආණ්ඩුවට වැඩපිළිවෙලක් හෝ නැත. ඒ වෙනුවට අගමැතිවරයා දවස් දෙක තුනකට සැරයක් පැමිණ මේ සතිය අමාරු බව බව පමණක් පවසනු දැකිය හැක. එයට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් පවසන්නේ අර්බුදය රනිල් විසින් සතියකට වරක් update කරන අතර ජනතාව ලෙස අප විසදුම සොයාගත යුතු බවයි. අනික් අතර අර්බුදය ගැන කීමට පමණක් අගමැති වරයෙක් මොන මගුලට දැයි අප සිතිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...