ඉන්දියාවේ කැලයකින් හමුවූ කැන්ගරුවෝ

පසුගියදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක වැසියන් කීප දෙනෙකු කැලෑබද පෙදෙසක දුව පනිමින් සිටින අමුතු සත්වයන් දෙදෙනෙකු දැක පුදුමයට පත් වුණා. තමන් දකින්නේ කුමක්දැයි සිතාගන්නට ඔවුන්ට බැරි වුණා. වන ආරක්ෂණ නිළධරීන් පැමිණ කැන්ගරුවන් බවත්, උන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් ගැමියන්ට පැහැදිලි කළ විට ඔවුන් තවත් විස්මයට පත් වූ බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන කැන්ගරුවෝ ඉන්දියාවට ආවේ කොහොමද?

එය ගැමියන්ට පමණක් නොවෙයි, පරිසර නිළධාරීන්ටද පැනයක් වුණා.

කෙසේ වුවද ඔවුන්ගේ අනුමානය වුණේ පෞද්ගලික සත්තු වතු සඳහා කෙරෙන හොර සතුන් ජාවාරමක ප්‍රතිඵලයක් ලෙසින් මෙය සිදුවන්නට ඇති බවයි. එදින වන නිළධාරීන් වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබුණ බව ආරංචි වූ ජාවාරම්කරුවන් විසින් මේ සතුන් උන් ප්‍රවාහනය කෙරමින් තිබූ වාහනවලින් එළියට දමන්නට ඇතැයි සැක කෙරෙනවා. සිදුවීම සම්බන්ධව කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැහැ.

ඉන්දියානු දේශ සීමා ඔස්ස්සේ බංග්ලාදේශයට හා මියන්මාරයට අනවසර සතුන් රහසින් ගෙන යාම නිතර සිදුවන බව කියැවෙනවා. නැගෙනහිර ආසියාවේ සත්ව අභිජනන මධ්‍යස්ථානවලට ගෙන යන විදෙස් සතුන් පවා මේ ආකාරයට ඉන්දියාව ඔස්සේ ප්‍රවාහනය වන බව සඳහන්.

මෙම කැන්ගරුවන් දෙදෙනෙක් එක තැනකින් ද, තවත් කැන්ගරුවෙක් ආසන්න වෙනත් ප්‍රදේශයකින්ද බේරා ගැනුණු අතර ඒ අසල තිබී තවත් කැන්ගරු මළ සිරුරක්ද හමුවී තිබෙනවා. සතුන් හමුවන මොහොත වන විට අධික තෙහෙට්ටුවෙන් හා මන්ද පෝෂණ තත්වයෙන් පසුවුණා. නැවත අල්ලාගෙන සත්ව සංරක්ෂණ් මධ්‍යස්ථානයක් වෙත ගෙන යනු ලැබූ උන්ගෙන් එකෙක් මිය ගියා.

මෙම කැන්ගරුවන්ට කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඉන්දියාව තුළ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
මූලාශ්‍රය – BBC සහ Aljazera

Janappriya Gamage

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...