‘බත් නැත්තම් බියර් බීපල්ලා’

Date:

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා එක්වෙමින් ප්‍රකාශ කලේ වීවලින් බත් වෙනුවට අතිරේක නිෂ්පාදන කිරීමට දිරිමත් කිරීම හරහා ගොවීන්ට හොඳ මිලක් ලබාගත හැකි වෙනු ඇති බවයි.

වී නිෂ්පාදනය සෘජු ආහාර සඳහා පමණක් සීමා කරමින් දශක ගණනාවක් තිස්සේ බලාත්මක කර තිබූ පැරණි ගැසට් නිවේදනය ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ අදහස සඳහන් කර තිබේ.

මෙම නීතිමය වෙනසත් සමඟ අතිරික්ත වී මගින් බියර්, වයින්, බිස්කට්, කේක් සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට අවසර හිමිවේ.

ආණ්ඩුව තර්ක කරන්නේ වී සඳහා කාර්මික ඉල්ලුම (Industrial demand) පුළුල් කිරීම හරහා අස්වනු කාලයට සිදුවන මිල කඩා වැටීම වැළැක්විය හැකි බවයි.

සහල් යනු අපේ රටේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. සහල් ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලැබෙන්නේ මේ කාරණය නිසාවෙනි. ලංකාවේ සහල් සම්බන්ධ ප්‍රශ්නයේ කොටස් දෙකක් පවතියි. එකක් වන්නේ ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොලැබීම සහ පාරිභෝගික ජනතාවට අඩු මිලට ගුණාත්මක තත්ත්වයේ සහල් මිලදී ගැනීමට නොහැකි වීමයි. වී ප්‍රශ්නය විසදීම වැදගත් වන්නේ මේ කරණය නිසාවෙනි.

මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල ගොවීන් වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා සටනට පිවිස තිබේ. එහිදී ආණ්ඩුවට ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නැත. එසේම මැතිවරණවලට පෙර කියූ පරිදි පහසුකම් වැඩිකිරීමට හෝ හාල් මාෆියාවට අත තැබීමට ආණ්ඩුවට අවශ්‍ය නැත. එසේම අනෙක් පසින් රජයට වී මිලදී ගැනීම සඳහා දැනට තිබෙන ගබඩා පහසුකම් හිස් කරගැනීමද ආණ්ඩුවට අවශ්‍යව තිබේ. ආණ්ඩුව මෙවැනි සුරංගනා කතා කියන්නේ ඒ වෙනුවෙනි.

නමුත් ප්‍රශ්නය ලෙස ඇත්තේ මෙවැනි තීරණ හරහා උද්ගත විය හැකි තත්ත්වය ගැන ආණ්ඩුවට තක්සේරුවක් තිබේද යන්නයි. වී නිෂ්පාදනය බියර් සඳහා යොදාගැනීම වැලක්වීමට බලපෑ ප්‍රධාන කාරණයක් වන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. රටේ බහුතර ජනතාවක් පරිභෝජනය කරන ආහාරයකින් වෙනත් නිෂ්පාදන සිදුකිරිමන් ආහාර සුරක්ෂිතතාවයේ බරපතල ගැටළු ඇතිවිය හැක. එසේම ඉදිරියේදී එල් නිනෝ වැනි තත්ත්වයක් ඇති වුවහොත් එය තවත් උග්‍ර වෙනු ඇත.

එසේම මේ ප්‍රශ්නය හරහා ගොවීන්ට වුවත් සාධාරණ මිලක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. දැනට අපේ රටේ සහල් අතිරික්තයක් තිබේ. එවැනි තත්ත්වයකදී සහල් මෝල් හිමියන් අඩු මිලට සහල් මිලදී ගෙන වෙනත් නිෂ්පාදන සඳහා යොදවනු ඇත. එසේම සත්ව ආහාර සඳහා වැයවෙන පිරිවැය ද සාපේක්ෂව අඩු අගයක් ගනියි. මෙය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව අවසානයේ සහල් මෝල් හිමියාටම වාසි දායක තීරණයක් වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...