මාලිමා ආණ්ඩුව වසර දෙකක් ඇතුලත රටේ ආර්ථිකය ස්ථාවර කරගත් “මැජික් එක” මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් පවසා තිබේ.
ආණ්ඩුවේ මේ මැජික් එක විසින් රටට උරුම කර ඇතිදේ කිහිපයක් පහත දැක්වේ.
‘සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය’ (FEWS NET) විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයට අනුව, ආහාර මිල ගණන් ඉහළ යාම, ජීවන වියදම වැඩිවීම සහ කාලගුණික බලපෑම් හේතුවෙන් ඇතිවන බාධා කිරීම් නිසා අවදානමට ලක්විය හැකි පවුල් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බැවින්, 2027 මැයි මාසය වන තෙක් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් මිලියන 1ත් 1.49ත් අතර සංඛ්‍යාවකට මානුෂීය ආහාර ආධාර අවශ්‍ය විය හැකිය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අපේ රටේ තරුණ තරුණියන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳ දත්ත අනාවරණය වී තිබේ. ඒ 2026 දෙවන කාර්තු (අප්‍රේල්- ජුනි) ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට සමස්ත විරැකියා අනුපාතිකය 4%ක් වැනි පහළ මට්ටමක තිබේ. එහිදී මෙරට තරුණ රැකියා විරහිත අනුපාතය 17.8% කි. එහි තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ තරුණ කාන්තාවන් අතර එම අගය 22.4%ක් දක්වා ඉහළ යෑමය.
ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට පෙර පැවති මට්ටම් වෙත ළඟා වී තිබුණත්, දරිද්‍රතා මට්ටම සියයට 16.9 ක් ලෙස අර්බුදයට පෙර මට්ටමට වඩා සැලකිය ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළිකර තිබේ.
පසුගියදා අනාවරණය වූවේ අපේ රට වැටුප් මට්ටම් අතරින්ද අපේ රට ආසියානු කලාපයෙන් ඉතා බරපතල තැනක සිටින බවයි.
වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.




