ඩලස් අගමැති වෙන භාරකාර ආණ්ඩු  මගඩිය

උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ කරකියා ගන්නට දෙයක්  නොමැති වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළු කණ්ඩායම භාරකාර ආණ්ඩුවක් හරහා ජනතාව නැවත වතාවක් රැවටීමට ලක් කරන්නට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරනවා .සමගි ජන බලවේගය, විමල් වීරවංශ ඇතුළු පක්ෂ එකොළහේ කණ්ඩායම පොදුජන පෙරමුණේ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සමග සාකච්ඡාවක් පසුගිය දිනක පවත්වා තිබේ. එම සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේම එකඟතාවය මත ඩලස්  අලහප්පෙරුමට  අගමැතිකම ලබා දී භාරකාර ආණ්ඩුවක් යටතේ ඉක්මන් මැතිවරණයකට ගොස් නැවත ස්ථිර ආණ්ඩුවක් පිහිට වීම සඳහා යෝජනා අදහස් පළ කර තිබේ. මේ භාරකාර ආණ්ඩුවට සමගි ජන බලවේගය සහයෝගය ලබා දුන්නත් පිහිටවනු ලබන භාරකාර ආණ්ඩුවේ තනතුරු නොගෙන සිටීමට එකගතා ඇති කරගෙන තිබේ .

වර්තමාන අර්බුද හමුවේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින රාජපක්ෂවරුන්ට තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන ඉදිරියට එක අඩියක්වත් තැබීමට නොහැකි අතර නිර්මාණය වී තිබෙන ගැටලු විසඳීමට ද හැකියාවක් නොමැත.එහෙයින් පවතින තත්ත්වය සමනය කිරීම සඳහා භාරකාර ආණ්ඩුව අට වන්නට ඔවුන් සූදානමින් සිටී . භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටේ ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාවය සමනය කර පසුව නැවතත් මැතිවරණයක් හරහා බලය ලබා ගැනීමේ දේශපාලන සූදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අතර ම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය අතර සහයෝගිතාවයක් නිර්මාණය කර ගැනීමට ද අභ්‍යන්තර සාකච්ඡා සිදුවී ඇති බව වාර්තා වෙනවා .තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට තනිව බිම් මට්ටමේ බලයක් ලබා ගැනීමට නොහැකි බැවින් සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය සමග එකතු වන්නේ නම් අනිවාර්යවූ කොන්දේසියක් පනවා තිබේ .

නිල්, රවී, සාගල, වජිර  ඇතුළු පිරිස නොමැතිව අනෙකුත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්  සමග සමගි ජනබලවේගය කටයුතු කිරීමට කැමැති බව ප්‍රකාශ කර තිබේ .අකිල විරාජ් කාරියවසම් වයඹ මහ ඇමති කම ලබා දෙන්නේ නම් සමගි ජන බලවේගය සමග එකතු වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව අනාවරණය වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...