Breaking News

කාන්තාවට දිනයක් ….

1.ලෝක කාන්තා දිනයක් සමරනවා.
අපේ රටෙත් ලොකු නෝනලා දඟලනවා.
කැමරා අටවලා තරඟෙට පොරකනවා.
ඇඟ විකුණන එවුන් ගැන අමතක වෙනවා.

2.අම්මයි දුවයි එකවිට දූෂණ කරලා.
නිදහස ලබයි නීතිය කනපිට පෙරලා.
මව නැති පියා තම දුව බිරිඳයි හිතලා.
සුරා මතින් කෙළසා දියණිය මරලා.

3.නිවසේ අග හිඟය ඉවසා ගනු බැරිව.
අම්මා වරුන් පිටරට බැල මෙහේ කෙරුව.
අරාබියේ නිවසක සෙල්ලම් බඩුව.
බාබා විටෙක පුත්තුත් සෙල්ලම් කෙරුව.

4.මුල් ගුරුතුමා ළමයින් බඳවා ගන්න.
ලිංගික සුවය ඉල්වයි පාසල දෙන්න.
හෝටල් කාඹරේ කට මවකට යන්න.
වේ නම් කුමටදෝ දිනයක් සමරන්න.

5.ගුරුවරු ශිල්ප දෙන දරුවන් තනි කරලා.
ලිංගික පාඩමකි ඔහු දුන්නේ කියලා.
කාඹර ගානේ ගෙන ගොස් රහසෙම තබලා.
කැමරාවකින් නිරුවත පටිගත කරලා.

6.සමහරු යාපනේ කෙල්ලෝ ගෙන එනවා.
රට රස්සාවකට ඇගෙ පැතුමන් පුරවා.
කොළඹ ලොජ් එකක නවතින්නට වෙනවා.
ඒ පොඩි කෙල්ලෝ ලොකු මුදලට විකුණනවා.

7.කොළඹ ලොජ් වලදි මුදලට අලෙවි වෙන.
කෙල්ලන් ඉන්නේ ජීවිතයම අඳුරු වුන.
යන්නට හැකි කමක් නෑ පාරකට පැන.
යකඩ ගේට්ටුව ඇරගෙන කිසිම දින.

8.සමරිසි ප්‍රජාවේ ලස්සන මන බැන්දූ.
තරුණ ලඳුන් විකිණෙති රසයක් කැන්දූ.
මිනිසෙකු සතුව ඇති අයිතිය වැට බැන්දූ.
ගනිකාවන් වුනේ කිසිවක් නැති ලන්දූ.

9.හැට දහසක් පමන ගැහැනුන් විකිණෙවා.
අන්තර් ජාලයෙත් මහ පාරෙත් වෙනවා.
ලිංගික අසහනය හොඳ කරගෙන යනවා.
මේ සේවය නිසා පිරිමින් සැනසෙනවා.

10.එනමුත් එවැනි අඟනුන් පිළිකුල් කරලා.
ගනිකා වෘත්තීයම අමතක කර දමලා.
පිරිමින් ශුද්ධ වන්තයෝ ලෙස ගුණ ගයලා.
ගැහැනුන් ඔවුන්ගේ කෙළි බඩුවක් හිතලා.

11.කිසිවෙක් කැමැත්තෙන් ඇඟ විකුණන්නෙ නැතී.
සමහර මිනිස්සුම එතනට දාන් නැතී.
පවුලට කන්න දෙන්නට එය කරන් නැතී.
පාලකයන් මොටද? මේ ගැන දකින් නැති.

  1. අවුරුද්දකට එක දිනයක් නම් කරලා.
    සමරා පලක් නෑ උන් දුකටම දමලා.
    සාධාරණ සමාජයකට ඉඩ හදලා.
    සෑදිය යුතුය රට එක පෙළකට හැරිලා.

  2. පවතින ක්‍රමය තුළ එන මේ දිළිඳු කම.
    දුරලන්නට බැරිව වැන සෙන මිනිස් කම.
    ජීවත් වෙන්න අයිතිය දිය යුතුය හැම.
    මිනිසුන් ලෙසින් සුරැකිය යුතු මිනිස් කම.

Sujeewa Chandana

leave a reply