අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක් වෙන් කර ඇති බවත්, ඉන් රුපියල් බිලියන 104ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති බවත් – මෙය වාර්තාගත මුදලක් බවත් – අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය අද ප්‍රකාශ කර තිබේ.

අයවැය විවාදය අතරතුර අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මෙම වෙන් කිරීම සමස්ත රජයේ වියදම්වලින් සියයට 12.12ක ප්‍රතිශතයක් නියෝජනය කරන බවයි.

එහෙත් මෙම වෙන්කිරීම් සම්බන්ධව අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරන්නේ පසුගිය වසරට වඩා ප්‍රතිපාදන අඩුකර ඇති බවයි. අගමැතිනිය මුළු රජයේ වියදම්වලින් ගනනනය කරත් අන්තරේ මෙම ගණනය කිරීම් සිදුකර ඇත්තේ අයවැය ඇස්තමේන්තු අනුවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පළකර ඇති පොස්ටුව පහත දැක්වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ අධ්‍යාපනය සම්බන්ධ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් ලබා දෙමිනි. ඒ අතර ප්‍රධාන ප්‍රකාශයක් වූයේ අධ්‍යාපනයට වෙන් කරන මුදල ඉහළ දැමීමයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් දක්වා ගෙන යන බව ප්‍රකාශ කරන ලදී. එහි මූලික පියවරක් වශයෙන් පළමු අයවැයෙන්ම 2.5% වෙන් කරන බව ප්‍රකාශ කරන ලද්දේ අගමැති හරිනි අමරසූරිය විසින්මය. කෙසේ වෙතත් වර්තමායේ ඔවුන් අරගෙන යන්නේ පරණ පාලකයන් ගිය මාවතේම වන අතර මෙවර අධ්‍යාපන වියදම් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පසුගිය වසරටත් වඩා අඩු කර ඇත. අයවැය ඇස්තමේන්තු අනුව 2026 වසරේ වෙන්කළ 2.04% අගය මෙවර 1.91% දක්වා කප්පාදු කිරීමකි.
අධ්‍යාපනයට වියදම් කපයි!
2026 අයවැයෙන් -2.04%
2027 අයවැයෙන් – 1.91%
අධ්‍යාපනයට වියදම් කප්පාදුවට එරෙහිව පෙළගැසෙමු!

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...