පෙ.ස.ප. දේශපාලන කටයුතුවලට පොලිස් බාධාකිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට කරන බාධාවක්

පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භාවිත කරමින් දේශපාලන කටයුතු කිරීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පොලිසිය සිදුකරන බාධා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බරපතළ තත්වයක් බව මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට දේශපාලන පක්ෂයකට තම මතය ජනතාව අතරට ගෙන යාම මෙන්ම ආණ්ඩුව විවේචනය කිරීමට නීතිමය බාධාවක් නැති බව පවසන මැතිවරණ කොමිෂන් සභාව, පෙ.ස.ප. විසින් කරුනු සහිතව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කරුණු සළකා බලන විට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බරපතල තත්වයක් උද්ගතව ඇති බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත අවධානය යොමුකර ඇත.
පෙ.ස.ප. විසින් අගෝස්තු 16 වැනිදා කොමිසම වෙත ලිඛිතව ඉදිරිපත් කෙරුනු පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අමතමින් සැප්තැම්බර්3 වැනිදා යවා ඇති ලිපියක මේ බව දක්වා ඇත.

එම ලිපියේ පොලිස්පතිවරයා අමතමින් මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ “යම් තැනැත්තකු විසින් පවතින නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව පවතින නීතිය ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමේ වගකීම පොලිසිය සතුව පවතී. එසේ වුවද එසේ ක්‍රියා කිරීම ද නීතියට අනුකූලව සිදු කළ යුතු වන අතර, නීතිය අවභාවිතා කිරීමට පොලිසියට හෝ වෙනත් රාජ්‍ය නිලදාරිනට හෝ හිමිකමක් නොමැති බව ද බලහත්කාරය හෝ තර්ජනය කිරීම හෝ නීතියට පරිබාහිර අත්අඩංගුවට ගැනීම් හෝ සිදු කිරීම නොකළ යුතු බව”ය.

පෙ.ස.ප. විසින් මැතිවරණ කොමිසම වෙත යැවු ලිපියේ අඩංගු කරුණු කෙරෙහි පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන මැතිවරණ කොමිෂන් සභාව, එහි සඳහන් කරුණු සම්බන්ධ කඩිනමින් පරික්ෂා කර නීතියට පරිබාහිර සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසද එවැනි සිදුවීම්වලට සම්බන්ධ නිලධාරින් සම්බන්ධ සුදුසු පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...