කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ වෛද්‍ය උදාර සම්පත්ට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් මෙසේ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට අදාල නියෝගය ලිඛිතව ලබාදී තිබේ.

ඒ අනුව දැනට මනෝ වෛද්‍ය ඒකකයේ සේවය කරමින් සිටින වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වහාම ක‍්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයකට කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබමින් සිටින වාට්ටු අංක 36 වෙත මාරු කර යවා ඇත.

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කිරීම නිසා මෙම ස්ථාන මාරුව ලැබුණත්, එය භාරගැනීමට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන තීරණය කර ඇති බවද අනාවරණය වේ.

මේ වන විට ලෝකයේ කොරෝනා මරණ ප‍්‍රතිශතය වැඩිම රට ලංකාව බවද, කොරෝනා මරණ අඩු කරගැනීම සදහා සියලු දෙනාගේම අවධානය යොමුවිය යුතු බවද වෛද්‍යවරයා රෝහල් අධිකාරිය වෙත දැනුම්දී සිටී. කොරෝනා මරණ වලක්වාගැනීම සදහා තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන රෝහල් අධිකාරිය වෙත දැනුම් දෙයි.

තමන් මීට පෙරත් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බවත්, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...