කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ වෛද්‍ය උදාර සම්පත්ට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් මෙසේ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට අදාල නියෝගය ලිඛිතව ලබාදී තිබේ.

ඒ අනුව දැනට මනෝ වෛද්‍ය ඒකකයේ සේවය කරමින් සිටින වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වහාම ක‍්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයකට කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබමින් සිටින වාට්ටු අංක 36 වෙත මාරු කර යවා ඇත.

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කිරීම නිසා මෙම ස්ථාන මාරුව ලැබුණත්, එය භාරගැනීමට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන තීරණය කර ඇති බවද අනාවරණය වේ.

මේ වන විට ලෝකයේ කොරෝනා මරණ ප‍්‍රතිශතය වැඩිම රට ලංකාව බවද, කොරෝනා මරණ අඩු කරගැනීම සදහා සියලු දෙනාගේම අවධානය යොමුවිය යුතු බවද වෛද්‍යවරයා රෝහල් අධිකාරිය වෙත දැනුම්දී සිටී. කොරෝනා මරණ වලක්වාගැනීම සදහා තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන රෝහල් අධිකාරිය වෙත දැනුම් දෙයි.

තමන් මීට පෙරත් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බවත්, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...