ශ්‍රී ලංකා කේට්රින් සේවකයන්  කොරෝනා අවදානමේ

Date:

ශ්‍රී ලංකා කේට්රින් ආයතනයේ සේවකයන් රාජකාරියේ යෙදවීමේදී කොරෝනා තත්ත්වය හේතුකොටගෙන මෙතෙක් ආරක්ෂිත ක්‍රමයක් ලෙස ගෙන ගිය වැඩ මුර ක්‍රමය නවතා නැවත වතාවක් පෙර තිබූ ආකාරයට සකස් කර ඇතැයි වාර්තා වේ.  ආරක්ෂිත වැඩ මුර ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම මෙම ආයතනය තුළ සේවකයින් සීයකට අධික ප්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.මෙසේ ආරක්ෂිත වැඩ ක්‍රමයට අනුව  වැඩ මුර දෙකක් පමණක් තිබුණු අතර  දැන් එය වැඩමුර තුනකට වෙන් කර ඇත.

මෙහිදී පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සහ පෙරවරු 12 සිට පස්වරු 9 දක්වා ඇති වැඩමුර දෙකෙහි රාජකාරියේ යෙදෙන සේවකයන්ට  පැය හතරක් එකට වැඩ කිරීමට සිදුවන බවත් මෙමගින් සේවකයන් වැඩි පිරිසක් එකට මුහු වීම තුළ කොරෝනා වෛරසය නැවත වතාවක් හිස  එසවීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකාවේ කේට්රින් ආයතනයේ සේවකයන් පවසයි.

මෙම ආයතනයේ Stores , kitchen හා Operation   අංශ 3කට වෙන් කර ඇති අතර මෙසේ සේවයේ යෙදවීමට තීරණය කර ඇත්තේ Operation අංශයේ අය පමණි නමුත් මුළුතැන්ගෙයි සේවකයින් ඔපරේටින් අංශයේ සේවකයින් සමග එකට මුහුවීම තුළ තත්ත්වය තවත් භයානක වේ. එහි සේවකයින් සැලකිය යුතු ප්‍රමාණයක් කොරෝනා එන්නතද ලබා ගෙන නොමැති  අතර එමගින් තත්ත්වය තවත් බැරෑරුම් වෙන බවා  සේවකයින් පවසයි. මේ පිළිබඳව පාලන අධිකාරිය යම් සාධනීය පියවරක් නොගත්තොත් මෙය බරපතල තත්ත්වයකට පෙරලෙනු  ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.


ආරක්ෂිත වැඩ මුර ක්‍රමය ඉවත් කළ පසු ශ්‍රී  ලංකා කේටරින් ආයතනය තුළන් කොරෝනා රෝගීන් මතුවේ

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...