විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම – ආණ්ඩුව කරන්නේ විපක්ෂෙට අවශ්‍ය දෙයද?

Date:

මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය ද විරෝධය පළකර තිබේ.

එම රැස්වීමේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සදහා රජය මේ වන විට උත්සාහ කරන බවත්, එයට විරුද්ධ විය යුතු බවත් රැස්වීමට සහභාගී වූ සියලු විනිසුරුවරුන් ඒකමතිකව තීන්දු කර ඇත.

මෙම විශේෂ මහා සභා රැස්වීමට විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වී තිබුණි. කෙසේ වෙතත් එම සංඛ්‍යාව සංගමයේ සාමාජිකත්වයෙන් තුනෙන් එකකට වඩා අඩු සංඛ්‍යාවක් බව මෙම රැස්වීමට විරෝධය දැක්වූ විනිසුරුවරුන් පෙන්වා දී තිබේ.

මෙම සහභාගී වූ 65 දෙනා විසින් ඒකමතිකව තම විරෝධය ප්‍රකාශ කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇත.

උක්ත රැස්වීම පැවැත්වීමට පෙර සිටම අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

රැස්වීම කැඳවීමේ ක්‍රමවේදය සහ ව්‍යවස්ථාපිත අනුමැතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු පෙන්වා දී තිබුණේ සංගමයේ සාමාජිකයින්ගේ ප්‍රමාණවත් සහභාගීත්වයක් නොමැතිව රැස්වීම් පැවැත්වීම සහ විධායක කමිටුවේ තීරණ වෙනස් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

සභාපතිවරයාගේ විරෝධතා මැද වුවද, සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ ඇතුළු විධායක කමිටුවේ පිරිසක් විසින් රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.

අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ට මෙම රැස්වීමට සහභාගී වීම වැළැක්වීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දැරූ බවට සහ බලපෑම් කළ බවට චෝදනා එල්ල වේ.

විනිසුරුවරුන් වැනි නීතිය පසිඳලන ආයතනවල නිලධාරීන්ට බලපෑම් එල්ල වීම, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනතා වෘත්තික මධ්‍යස්ථනය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ තනුක නන්දසිරි ප්‍රකාශ කළේ,

” මෙවැනි විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමේ තීරණය හරහා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවෙනවා. මේ රටේ අධිකරණයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම මේ රටේ විපක්ෂය අධිකරණය ලබාදෙන තීන්දු තීරණ ගැන අදහස් දක්වන්න මෙය අවියක් කරගෙන තියෙනවා. මේ ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ විපක්ෂේ ඕනකමද? ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලනවා කියලා. දැන් විපක්ෂේ කියනවා අපි හොරකම් කරේ නැහැ. ආණ්ඩුව තමන්ට අවශ්‍ය ආකාරයට විනිසුරුවරු හසුරුවමින් තමන්ට අවශ්‍ය තීන්දු ගන්නවා කියලා. ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...