රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික පීඩනයෙන් මුදාගැනීම අරමුණු කරගනිමින්, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් ඔස්සේ ඉදිරියට ඒමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති ‘J.R ආණ්ඩුකරණය සහ මැදමාවත’ මැයෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, මෙම පාර්ශ්වයන් දෙකේ එකතුව හුදු තනතුරු බෙදාගැනීමක් හෝ මැතිවරණ වාසි ලබාගැනීමක් සඳහා සිදු වන්නක් නොවන බවයි. අතීතයේ පැවති අස්ථාවර දේශපාලන ගනුදෙනුවලට තිත තබමින්, රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනතාවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති රාමුවක් තුළ මෙම නව සන්ධානය ගොඩනැගෙන බව ඔහු පවසා තිබේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ එකම වෙනස ලෙස පවතින්නේ නමෙහි පවතින වෙනස මිස අන් යමක් නොවේ. ප්‍රතිපත්ති අතින් මේ පක්ෂ දෙකම සිටින්නේ එකම තැනකයි. මෙම ප්‍රතිපත්ති සමානකමට වඩා දැන් මෙලෙස එක දීගයක් කෑමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ දැන් මේ පක්ෂ දෙකම වැලේ වැල් නැතුව අනාථ වී සිටීමයි. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පරණ හොරු පරණ සන්ධාන අලුත් කරමින් නව සළු පිළි පැලඳ මේ උත්සාහ කරන්නේ ආණ්ඩුවේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගත හැකිද බැලීමටයි.




