ගිං ගඟේ ගිල්වා සැකකරුවෙකු මැරූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කරන ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ අල්මේදා නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද (අගෝස්තු 04) රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රමේෂ් ලක්ෂාන් නැමැති පොලිස් නිලධාරියා පෝද්දල පොලිසිය මඟින් බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එම පොලිස් නිලධාරියා බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් අගෝස්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කරන ලදී.

ඝාතනයට ලක් වූ විරාජ් රශ්මික නැමැති පුද්ගලයා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන සිටි බවට, ගාල්ල අපරාධ කොට්ඨාශය විසින් රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වන විහඟ නමැති අය ලබාදුන් දිවුරුම් පෙත්සමක් මත පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබුණි.

දිවුරුම් පෙත්සම්කරු කියා තිබුණේ ඝාතනයට ලක්වූ විරාජ් රශ්මික ඔහු සමඟ ගාල්ල අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...