” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත” දෝරේ ගිය කිරි කඳුළ “නව කතාව ජනගත කිරීම සැප්තැම්බර් 05 වනදින පෙ.ව 9.00 ට දැරණියගල පුරනැගුම ශාලාවේ දි පැවැත්වේ..

දෝරේ ගිය කිරි කඳුළ නවකතාව ඇගේ තෙවන කෘතිය වේ.

මෙහි ආරාධිත දේශනය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පෙරමුණ මහතා විසින් පවත්වනු ලබයි.

නර්තන ,ගායන අංග රැසක් සමගින් පැවැත්වීමට නියමිත මෙම වැඩ සටහන සඳහා ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත ය.
පුවත්පත් කලාවෙන් ලේඛන ක්ෂේත්‍රය ට ප්‍රවිෂ්ට වී සිටින රංජනී සෝමචන්ද්‍රයන්ගේ ලේඛන දිවියට වසර 26 ක් පමණ ඉක්ම වී ඇති බව පවසයි..

පුවත් පත් ගණනාවකම සේවය කර ඇති රංජනී සෝමචන්ද්‍ර වර්තමානයේ ඩේලි මිරර් පුවත්පතේ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදිනියද වෙි.

සෑම වසරකම සාහිත්‍ය මාසය වෙනුවෙන් පොතක් සාහිත්‍යය කලාවට එක් කිරීම ඇගේ බලාපොරොත්තු ව බව පැවසුවාය.මීට පෙර අමාලි නොදුටු සාපය නවකතාව සහ දෛවයේ උරුමය යන කෘතින් පල කර ඇත. ජීවිතය විඳින්න ටබතිබෙන එකම මග ලේඛන කලාව බව පවසන ඇය එය දිවියට ඖෂධයක් ලෙස හඳුන්වයි.

එමෙන්ම පාඨක හදවත් වලට සමීප වන සිදුවීම් හා චරිත රැසක් සමගින් දිග හැරෙන මෙම නවකතාව පාඨකයන්ට ජීවිතය දෙස නැවත හැරී බලන්නට බලකරන අනුවේදනීය නිර්මාණය ක් බව ඇය පවසන අතර තමන්ගේ ජීවිතයේම කොටසක් නැවත හමුවූ හැඟීමක් ලබාදෙන නවකතාවක් ලෙස දෝරේ ගිය කිරි කඳුළ නවකතාව හඳුන්වා දිය හැකි බව ඈ පවසන්නීය.

ජීවිතය යනු රෝස මල් යහනාවක් නොවන අයුරු කියාපාන මෙම නවකතාව ජනගත වන උත්සව අවස්ථාව ට සහභාගි වන ලෙස කලාකාමි හදවත් වලට ඇය විවෘත ආරාධනයක් කර සිටින බව පැවසුවාය.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...