ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කර 95ක් අත්අඩංගුවට අරගෙන

නිරෝධායන නීති උල්ලංඝනය කළ 95දෙනෙකු අද (17) ඩ්‍රෝන කැමරා උපයෝගීකරගනිමින් කළ නිරීක්ෂණ ඔස්සේ ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොටහේන, කෙසෙල්වත්ත, වත්තල සහ ජාඇල යන පොලිස් වසම්වල අද උදෑසන කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොටහේනෙන් 29දෙනෙකු, කෙසෙල්වත්තෙන් 21දෙනෙකු, වත්තලින් 19දෙනෙකු සහ ජාඇළින් 26දෙනෙකු වශයෙනි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩන පිරිස සොයා, ඩ්‍රෝන කැමරා යොදාගනිමින් තවදුරටත් මෙම මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය පවසා තිබේ.

මේ අතර ලොක් ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීම ගැන සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබේ. එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ මේ හරහා පුද්ගලයකුගේ මූළික අයිතිවාසිකම් හා සමාජ නිදහස උල්ලංඝණය වෙන බවයි. ප්‍රංශය විසින් ලෝකඩවුන් ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යොදාගැනීමට එරෙහිව අධිකරණයේ ගොනුකරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙමින් එය පුද්ගල අයිතීන් උල්ලංඝණය කිරීමක් බව ප්‍රංශ අධිකරණය පවසා තිබේ. ඩ්‍රෝන යානා මිනිසුන් හඳුනා ගැනීම සඳහා භාවිතා නොකරන අතර, හුදෙක් අගුලු දැමීම බලාත්මක කිරීම සහ විශාල ජන සමූහයක් විසුරුවා හැරීම සඳහා මහජන රැස්වීම් හඳුනා ගැනීමට පමණක් යොදා ගන්නා බව එහිදී ප්‍රංශ රජය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ අධිකරණය සඳහන් කර ඇත්තේ ඩ්‍රෝන යානා වලට ලං කර බැලීමේ හැකියාව (zoom) ඇති අතර අවශ්‍යතාවය ඇති වුවහොත් මීටර 80 ට වඩා අඩු උසක් පියාසර කළ හැකි බැවින් මිනිසුන්ගේ පුද්ගලික දත්ත රැස් කිරීම වැළැක්වීමට තාක්ෂණික ක්‍රමයක් නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...