පොලිස් පහරදීම් හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුලු පෙසප ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් රෝහල් ගතකරයි

ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  සංවිධානය කොට  තිබූ විරෝධතාවයට පෙර සහ පසුව ලිප්ටන් වටරවුමේදී  විරෝධතාවය පැවති අවස්ථාවේ අමානුෂික පොලිස් පහරදීම්වලට ගොදුරුවූ එම පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම රෝහල් ගතකර ඇති බව වාර්තාවේ. මේ රෝහල්ගත කර ඇති පිරිස අතර
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද සිටියි.

ඊයේ දින කොල්ලුපිටිය මංසන්ධියේදී  දුමින්ද නාගමුව අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය වීසින් සිදුකළ පහරදීම් හේතුවෙන් මේවනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අමෙරිකන් තානාපති කාර්යාලය අසළ පැවැත්වීමට නියමිත වූ මෙම උද්ඝෝෂණය කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට හේතුවන බව දක්වමින් කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබුණි. එම නියෝගය භාවිත කරමින් විරෝධතාවය ඇරඹීමටත් ප්‍රථම දුමින්ද නාගමුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ ඔහුව බලහත්කාරයෙන් රැගෙන යන ආකාරයට  සහ පහරදෙන ආකාරය ඊයේ දින සිදුවීම සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝවල දැක්වේ.

ඊයේ(9) ලිපිටන් වටරවුමේ පැවති පෙ.ස.ප. විරෝධතාවයේදී පොලිස් අඩන්තේට්ටම්වලට ලක්වූ තරුණ දේශපාලන ක්‍රියාකාරිනයක් රෝහල්ගතකර තිබේ.

පොලිස් නිලධාරින් පිරිසකගේ දරුණු අමානුෂිකත්වයකට ගොදුරුව අත්අඩංගුවට පත්වූ රශ්මි දිව්‍යාංජලී පසුව මහෙස්ත්‍රාත් අදිකරණයෙන් ඇප ලබා ගාල්ල බලා යමින් සිටියදී ක්ලාන්ත තත්වයට පත්වී ඇත.  ඉන්පසුව ඇය, කරාපිටිය රෝහල වෙත ගෙනයාමෙන් පසුව, මේ වනවිට නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී. රශ්මි දිව්‍යාංජලී, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශයවන Youth for CHEenge ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරිණියක් ලෙස කටයුතු කරයි.

ඊයේ පෙසප ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රාත්‍රී  වනතුරු කොළඹ වරාය පොලිසිය තුළ රඳවා තැබූවද තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට ඉල්ලීම් කළද පොලිසිය එසේ කළේ නැත. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, ඔවුන් පවසා ඇත්තේ  විරෝධතාකරුවන්ට අවශ්‍ය නම් රෝහල් ගතවන ලෙසය. අද පෙරවරුවේ විරෝධතාවයේදී ප්‍රහාරයට ලක්වූ කිහිපදෙනකුම රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමුකරනු ලබා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...