අතු පතරින් පෙරී ආ අලුත් අවුරුදු ගීයක්

සිහිනයකි ඒ පිපෙන මල්වල අතු අගිස්සෙන් හිනැහී
මතකයකි මල් හදවතෙහි පිණි බිඳු ලෙසින් යන වියැකී
නවමු අවුරුදු හිරු වඩම්මන කොහා අතු අග ගොලුවී
පැලඳි මුඛ වාඩම් තුළ ම ඇත බොහෝ නව ගී සිරවී

අතට හුරු අවි තබා මුල්ලක බෝ දිනක් ඇත ගතවී
කොවිඩ් සතුරා මඬින යන්ත්‍රය අතට ගන්නට සිදුවී
මේඝ දූතය අතේ හෝ ලියමනක් මව්නට යවනු රිසිනී
වලාකුළු ඉරි තැලුණු අහසට යොමන රණවිරු ඇසකී

හිරු නැගෙන්නට බොහෝ කලියෙන් සුපිපි නෙත් මල් රැසකී
හිරු ගිලී මැදියම ලැබූවත් එ’මල් නොමියෙන හැඩකී
නැකතටත් පෙර ගෙයින් නික්මෙන වෙද නලා ගත් අතකී
රෝහලේ ලෙඩ ඇඳන් ළඟ නව පහන් දැල්වෙනු පෙනුනී

බොහෝ අවුරුදු හඬ නිහඬ කර සුළං හඬ ළඟ ඇසුණී
එ’අස්සෙන් පොඩි බටිති ජෝඩුව ගයන ගීයක් මතු වේ
අළුත් අවුරුදු කිරිබතට සුදු සහල් මදි වී තිබුණී
බටිති බිරිඳක ගයන සෝ ගී ළඟ ළඟම කණ වැකුණී

මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...