විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම – අනුරගේ ලජ්ජා නැති ප්‍රකාශ

Date:

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ කාලයක පටන් තිබුණු ප්‍රධාන සටන් පාඨයක් වූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. නමුත් දැන් නව ආණ්ඩුව පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳ කිසිදු උත්සහයක් ගනු දක්නට නොලැබේ.

මේ අතර ජනාධිපතිවරයාට එය හදිසියේ මතක් වී තිබේ. ඒ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛය ගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය.

මෙහිදී පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවයි. එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇත.

ආණ්ඩුව 22වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම සාධාරණියකරණය කරන්නේ තමන්ට එය සිදුකිරීම සඳහා ජනතාව මැතිවරණයේදී ජනවරමක් ලබාදී ඇති බවයි. මැතිවරණ පොරොන්දුවල 22වන සංශෝධනයක් ගැන නොව සඳහන් වූවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැනයි. ජනතාව සත්‍ය ලෙසම මේ අනුව ඒ සඳහා ජනවරමක් ලබාදී ඇති බව සැලකුවහොත් ආණ්ඩුව වඩා ඉක්මනින් කලයුත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි.

නමුත් ආණ්ඩුව එය පසෙක තබා කවුරුන් හෝ ඒ ගැන කතා කළ විට පමණක් ‘අපෝ ඕවා මොනවද? ඕවා හරි ටොයිස් වැඩ තලෙන් උත්තර දෙමින් සිටියි. නමුත් කිසිවක් නොකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...