22වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Date:

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හා ඉන් පහළ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වේ.

එම සංශෝධන සම්බන්ධයෙන් වන කෙටුම්පත් සකස් කිරීම සඳහා 2026 ජුලි 27 දින ඇමති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදුන් බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ සහ සිවිල් සමාජයේ විශාල පිරිසකගේ විරෝධය එල්ල වෙමින් තිබේ. ඔවුන් මෙය දකින්නේ අධිකරණයට එල්ල කරන අනිසි බලපෑමක් ලෙසයි.

ජාතික ජන බලවේගය සන්ධානය තුළද මේ සම්බන්ධයෙන් මතබේදයක් පවතින බව පෙනෙන්නට තිබේ. නීතිඥ ලාල් විජේනායකගේ ප්‍රකාශ හරහා පෙනෙන්නට තිබෙන්නේ එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...