22වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ හා ඉන් පහළ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වේ.

එම සංශෝධන සම්බන්ධයෙන් වන කෙටුම්පත් සකස් කිරීම සඳහා 2026 ජුලි 27 දින ඇමති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදුන් බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ සහ සිවිල් සමාජයේ විශාල පිරිසකගේ විරෝධය එල්ල වෙමින් තිබේ. ඔවුන් මෙය දකින්නේ අධිකරණයට එල්ල කරන අනිසි බලපෑමක් ලෙසයි.

ජාතික ජන බලවේගය සන්ධානය තුළද මේ සම්බන්ධයෙන් මතබේදයක් පවතින බව පෙනෙන්නට තිබේ. නීතිඥ ලාල් විජේනායකගේ ප්‍රකාශ හරහා පෙනෙන්නට තිබෙන්නේ එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...