වසර පහකදී බන්ධනාගාර රැඳවියන් 1021ක් මිය ගිහින්

බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදී (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

බන්ධනාගාර 25කින් මෙකි රැදවියන් මියයාම වාර්තා වී ඇති අතර එම මරණවලින් සියයට 54ක් රිමාන්ඩ් රැදවියන් (සැක) බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉතිරි 469 දෙනා සිර රැදවියන් වන අතර මියගිය රැදවියන්ගෙන් 384 දෙනෙකු අයිස්, හෙරොයින්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන්, නීති විරෝධී මෝදක, ගංජා ළග තබා ගැනීම හෝ විකිණිම යන වරදවල් යටතේ බන්ධනාගාර ගතවුවන් බව ද විගණන වාර්තාවේ සදහන් වේ. එය මියගිය රැදවියන් සංඛ්‍යාවෙන් සියයට 38කි.

ඉකුත් වර්ෂය තුල මත්ද්‍රව්‍ය වැරදිමත සිරගත වුවන් සංඛ්‍යාව 29,177කි. එම වර්ෂය තුල බන්ධනාගාරගතවු මුළු රැදවියන්ගෙන් සියයට 61.2කි.

රැඳවියන් 1021ක් යනු විශාල පිරිසකි. ඔවුන් මියගොස් ඇත්තේ සම්පූර්ණ රාජ්‍ය ආරක්ෂව යටතේ සහ රාජ්‍ය භාරයේ සිටියදීයි. එම නිසා රාජ්‍ය මෙය බැරෑරුම් ලෙස ගතයුතු ප්‍රශ්නයකි. අවම වශයෙන් දැන්වත් මෙම මරණ සඳහා හේතු සෙවීමට මැදිහත්වී ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලක්වා ගත යුතුය. එසේම එම ජීවිත සඳහා යුක්තිය ඉෂ්ඨ කිරීමට මැදිහත් විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...