වසර පහකදී බන්ධනාගාර රැඳවියන් 1021ක් මිය ගිහින්

බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදී (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

බන්ධනාගාර 25කින් මෙකි රැදවියන් මියයාම වාර්තා වී ඇති අතර එම මරණවලින් සියයට 54ක් රිමාන්ඩ් රැදවියන් (සැක) බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉතිරි 469 දෙනා සිර රැදවියන් වන අතර මියගිය රැදවියන්ගෙන් 384 දෙනෙකු අයිස්, හෙරොයින්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන්, නීති විරෝධී මෝදක, ගංජා ළග තබා ගැනීම හෝ විකිණිම යන වරදවල් යටතේ බන්ධනාගාර ගතවුවන් බව ද විගණන වාර්තාවේ සදහන් වේ. එය මියගිය රැදවියන් සංඛ්‍යාවෙන් සියයට 38කි.

ඉකුත් වර්ෂය තුල මත්ද්‍රව්‍ය වැරදිමත සිරගත වුවන් සංඛ්‍යාව 29,177කි. එම වර්ෂය තුල බන්ධනාගාරගතවු මුළු රැදවියන්ගෙන් සියයට 61.2කි.

රැඳවියන් 1021ක් යනු විශාල පිරිසකි. ඔවුන් මියගොස් ඇත්තේ සම්පූර්ණ රාජ්‍ය ආරක්ෂව යටතේ සහ රාජ්‍ය භාරයේ සිටියදීයි. එම නිසා රාජ්‍ය මෙය බැරෑරුම් ලෙස ගතයුතු ප්‍රශ්නයකි. අවම වශයෙන් දැන්වත් මෙම මරණ සඳහා හේතු සෙවීමට මැදිහත්වී ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලක්වා ගත යුතුය. එසේම එම ජීවිත සඳහා යුක්තිය ඉෂ්ඨ කිරීමට මැදිහත් විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...