සෞඛ්‍ය ප්‍රතිපාදන
ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් යුරෝ බිලියන 146.3ක් පමණ ජාතික සෞඛ්‍ය අරමුදල (Fondo Sanitario Nazionale – FSN) සඳහා වෙන් කර ඇත. 2026 වසරට සාපේක්ෂව සෞඛ්‍ය අංශය සඳහා සෘජුවම යුරෝ බිලියන 2.36 ක පමණ අමතර මුදලක් අලුතින් එකතු කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකවල සේවය කරන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප් දීමනා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබේ. සෞඛ්‍ය සඳහා වෙන්කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.14%කට සමාන පංගුවකි. 2022 මෙලෝනි බලයට එන විට සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල දළ වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6.6% වෙනවා . පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සෞඛ්‍ය සඳහා මුදල් වැඩිපුර වෙන් කර තිබෙන බවක් පෙනුනද 2022 සෞඛ්‍ය සඳහා වෙන්කළ මුදලට සාපේක්ෂව බලන විට මේ වන විට වාර්ෂිකව සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන මුදල් කපා හැරීම වසරකට යුරෝ බිලියන 10.6ක පමණ වෙන බව ඉතාලියේ ප්රමුඛ වෘත්තිය සමිතිය වන (CGIL) පෙන්වා දෙනවා .
ආරක්ෂක වියදම්
ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පතට අනුව ඉතාලියේ සමස්ත හමුදා සහ ආරක්ෂක වියදම් (Spesa militare complessiva) සඳහා යුරෝ බිලියන 40.04ක වාර්තාගත මුදලක් මේ වසරේ වෙන් කරන්න මෙලෝනෙ රජය කටයුතු කර තියනවා . මේ ඉතාලි ඉතිහාසයේ වාර්ෂික ආරක්ෂක වියදම් යුරෝ බිලියන 40 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාවයි .
ආරක්ෂක අමාත්‍යාංශය සඳහා සෘජුවම යුරෝ බිලියන 38.82ක් වෙන් කර ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර යුරෝ බිලියන 6.4ක ක් වැඩිවීමක් පෙන්නුම් කරනවා. දළ වශයෙන් එම වැඩිවීම 19.8% ක කැපී පෙනෙන ඉහළ යාමකි. සමස්ත වියදමෙන් විශාල කොටසක් නව අවි ආයුධ සහ යුධ උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කර ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ ව්‍යාපාර හා නිෂ්පාදන අමාත්‍යාංශයේ අරමුදල් ද ඇතුළුව අවි ආයුධ සඳහා වන වියදම යුරෝ බිලියන 17.2ක් දක්වා සමස්ත හමුදා වියදමෙන් 43% කින් ඉහළ දමා ඇත. 2026 වසරේ ආරක්ෂක වියදම් යුරෝ බිලියන 34ට සාපේක්ෂව 2027 සඳහා වන වෙන් කිරීම යුරෝ බිලියන 6කින් ඒ කියන්නේ දළ වශයෙන් 18% කින් ඉහළ ඉහළ දමාගෙන තියෙනවා.
සාරාංශ කතාව
- 2026 වසරට සාපේක්ෂව 2027 වසර සඳහා සෞඛ්‍යට අයවැයෙන් වැඩිවීම 2.38% යි .
- 2026 වසරට සාපේක්ෂව 2027 වසර සඳහා ආරක්ෂක වියදම් සඳහා අයවැයෙන් වැඩිවීම 19.81% යි .
කාටුනයෙ සඳහන්ව ඇත්තේ ඔන්න ඔහේ තව ටිකක් සෞඛ්‍ය වියදම් කපා හරිමු යන තේරුමයි.




