පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු සංශෝධනයකින් තොරව වහාම අහෝසි කළ යුතු බව නොවැම්බර් 06 වැනි දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සංවිධානය කර තිබූ විරෝධතාවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැඩිව අවධාරණය කර තිබුණා.

මෙම අවස්ථාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රැඳවුම් නියෝග කාලසීමාව පැය 48ක් හෝ 72ක් ලෙස වෙනස් කිරීම පිළිගත නොහැකි බවත්, ඉල්ලා සිටින්නේ සමස්ත පනතම සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීම බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු

වර්තමානයේ උතුරේ යුදමය වාතාවරණයක් හෝ දකුණේ සිවිල් කැළඹීමක් නොමැති සාමකාමී පරිසරයක් තුළ මෙවැනි පනත් හදිසියේ ගෙන ඒමේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්න ප්‍රශ්න සහගත බව පෙන්වා දුන් අතර රට තුළ පවතින සමාජ හා ආර්ථික අර්බුද විසඳීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් දැන් පන්ති යුද්ධය වර්ධනය වෙමින් පවතිනවා. ඒ කියන්නේ දේශපාලන පන්තිය සහ නිර්ධන පන්තිය අතර ආණ්ඩුව සහ මහජනයා අතර ගැටුම නිර්මාණය වෙමින් එන්නේ. ආණ්ඩුව සමාජ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපොහොසත් වෙලා ඉන්නේ . ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි ආණ්ඩුව මේ වෙලාවේ මේ ත්‍රස්තවාදී පනත්, මර්දන පනත් ගේන්නේ.

එසේම, ත්‍රස්තවාදියා කවුරුන්දැයි අත්තනෝමතික ලෙස තීරණය කිරීමේ බලය මේ පනත හරහා ආණ්ඩුව තමන් සතු කරගන්නවා . අත්තනෝමතික බලය පොලිසියට ලබා දෙනවා. මෙසේ වීම හරහා මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් හෝ පෝස්ටරයක් අලවන සාමාන්‍ය පුරවැසියන් පවා අත්අඩංගුවට ගෙන සීමාවකින් තොරව දීර්ඝකාලීනව සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතිනවා .

අතීතයේදී මෙම නීති හේතුවෙන් තමන් මෙන්ම වත්මන් පාලක පක්ෂයේ නායකයන්ද දැඩි ලෙස පීඩාවට පත් වූ අයුරු සිහිපත් කළ මධ්‍යවේදී ශාන්ත විජේසූරිය, තමන්ද වසර දෙකක කාලයක් සිරගතව සිටි බව සඳහන් කළා. වැඩ කරන ජනතාවගේ ගැටලු විසඳීමට නොහැකි වූ විට මෙවැනි පනත් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට උත්සාහ නොකර, මෙම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා .

Share post:

Popular

වෙනත් පුවත්

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්...

වැඩ වර්ජනයෙන් ප්‍රංශය උණුසුම් වෙද්දී යළි හෙට දිනට තවත් විරෝධතා රැල්ලක් 

ජීවන වියදම ඉහළ  යෑම සහ රජයේ යෝජිත අයවැයට එරෙහිව...

අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව...