2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු 36ක් අතරින්, 40%කට ආසන්න ප්‍රමාණයක් සැළකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක කර නැතැයි වෙරිටේ රිසර්ච් අලුත්ම තොරතුරුවලින් අනාවරණය කරයි.
එම පොරොන්දු 14කි.
එසේ වුව ද, සම්පූර්ණ කරන ලද යෝජනාවල ප්‍රතිශතය 2024 වසරේ තිබූ සියයට 17 සිට 2025 වන විට සියයට 33 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි
එය 2017 වසරේ සිට අයවැය ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම ආරම්භ කළ දා පටන් වාර්තා වන ඉහළම අගයයි.
සමස්තයක් ලෙස, යෝජනා වලින් සියයට 41ක් සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක කර ඇත. සම්පූර්ණ කළ යෝජනා ප්‍රමාණය 15කි.
ඉකුත් වසරේ අය වැය ඉදිරිපත් කරන ලද්දේ පෙබරවාරි මාසයේදීයි. මෙම වර්ධනය අත්කරගෙන ඇත්තේ අයවැය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු කාලයකින් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
තවත් සියයට 19 ක යෝජනා 7ක් සම්බන්ධයෙන් ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම නිසා ඒවා “හෙළි කර නැත” ලෙස වර්ගීකරණය කර ඇත.
මෙම ඇගයීමට යොදාගෙන ඇත්තේ ඒක් අයවැය යෝජනාවක් සඳහා රුපියල් මිලියන 500ක් හෝ ඊට වැඩි අගයක් වෙන්කර ඇති 2025 අයවැය යෝජනා වන අතර, එවැනි යෝජනා ගණනින් 36කි. මෙම යෝජනා 36ට වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 212 ක් වේ.
පහුගිය ආණ්ඩු අයවැය හරහා ඉදිරිපත් කරන යෝජනා බොහොමයක් ක්‍රියාත්මක නොකිරීම සාමන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. ජාතික ජන බලවේගය ආණ්ඩුවටද එම රෝගය බෝ වී තිබේ. පසුගිය සමයේ වාර්තා වූ පරිදි ජාතික ජන බලවේගයේ ඇතැම් අමාත්‍යංශ ප්‍රතිපාදන වියදම් නොකර ආපසු භාණ්ඩාගාරය වෙත නැවත යවන තත්ත්වයක් ගැනද පසුගිය සමයේ වාර්තා විය.




