ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් එකම සැකකරුවෙකුට එකම චෝදනා යටතේ එකම දිනයේ නඩු දෙකක් පවරා තිබීම දෝෂදර්ශනයට ලක් කළ බන්දුල ගුණරත්න විනිසුරුවරයා නිකරුණේ අහිංසක ජනතාවට එරෙහිව නඩු නොපරවන ලෙසට පොලිසියට අවවාද කර සැකකරුට වන්දි ගෙවීමට සහ මුළු රටම ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

එම නියෝගය අනුව පොලිස්පතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබිණි.

නමුත් පොලිස්පති වෙතකළ නියෝගය ඔහු කිසිදු ලෙසකින් ගණන් නොගෙන තිබුණි.

පොලීසිය මේ හැසිරෙන උඩඟු ස්වභාවයට ආණ්ඩුවේ සහය ලැබෙන බවට මෙය හොඳම උදාහරණයකි. එපමණක් නොව ආණ්ඩුව සූදානම් වෙන්නේ නව ත්‍රස්ත පනත සහ සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත හරහා මේ පොලීසියට තිබෙන බලතල තවත් වැඩි කිරීමටයි. දැන් පවතින තත්ත්වයක් යටතේ පවා අධිකරණ නියෝග නොතකන පොලිසියක් එවැනි පනත් සම්මත වුවහොත් හැසිරෙනු ලබන විදිහ ගැන අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

වැඩ වර්ජනයෙන් ප්‍රංශය උණුසුම් වෙද්දී යළි හෙට දිනට තවත් විරෝධතා රැල්ලක් 

ජීවන වියදම ඉහළ  යෑම සහ රජයේ යෝජිත අයවැයට එරෙහිව...

අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව...

අනුරගේ මර්ධන පනත් සංශෝධන කතාවලට පුබුදුගෙන් උත්තර 

රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දරන මර්දන අණ...