ශ්රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති, තර්ජනාත්මක යැයි සැලකෙන සටහනක් සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
‘YOUTH FOR CHEnge’ සංවිධානය අද (22) නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, “කට ඇරීමට පෙර දෙවරක් සිතන්න” යන අදහස ඇතුළත් ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.
මෙම සටහන තර්ජනාත්මක එකක් බව පෙන්වා දෙන එම සංවිධානය, ඒ පිළිබඳව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ප්රකාශ කරයි.
‘YOUTH FOR CHEnge’ සංවිධානයේ ජාත්යන්තර කටයුතු ලේකම් ශක්ති මකවිට, ජාතික කමිටු සාමාජික උදාර සඳරුවන් සහ කොළඹ දිස්ත්රික් කමිටු සාමාජික ටෙරන්ස් රොඩ්රිගෝ යන අය මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක්ව සිටියහ.
භාෂණයේ නිදහස රටේ මූලික නීතිය හරහා සහතික කර තිබෙන්නකි. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලීසියට එය අදාළ නොවෙන්නේ කෙසේද යන ප්රශ්නය මතුවේ.




