රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත් තරුණ ඡන්දදායකයන්ගේ සහාය දිනා ගැනීමකින් තොරව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව සන්ධාන ගතවීම මැතිවරණ දිනිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ඔහු ඒ බව පවසා ඇත්තේ පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී ඔක්තෝබර් 31 දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අදහස් දක්වමින්ය.

එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ඔවුන් මූලිකත්වය දිය යුත්තේ අනාගත පරපුරට බවත්, ඒ Millennial හා Gen Z පරපුරට බවත්, මිලියන අටක් පමණ වන මෙම පිරිසට පක්ෂ පිළිබඳ අවබෝධයක් නැති බවත්, ඔවුන් දේශපාලනය ගැන තීන්දුවක නැති බවත් හා ඔවුන්ට අවශ්‍ය නව ක්‍රමවේද බවත්ය.

එමෙන්ම අද ලෝකය පුරා Gen Z ලාගේ හා Millennial ලාගේ ස්වභාවය පෙන්වමින් සිටින බවත් ඒ නිසා එම කණ්ඩායම පැත්තකට කර ඉදිරියට යෑමට නොහැකි බවත්, එම කණ්ඩායම එකතු නොවුණහොත් සාම්ප්‍රදායික ඡන්දදායකයින් පවා පැත්තකට විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබේ.

රනිල් මේ කරුණු කියන්නේ ලෝකයේ දැනට මතුවී තිබෙන තරුණ අරගල ආශ්‍රයෙන් විය යුතුය. එම තරුණ අරගල සංවිධානාත්මක බවකින් තොරව ආරම්භ වී සංවිධානාත්මක දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් ඉදිරයට යනු දක්නට ලැබීම රනිල් කියන පරිදි සිදුවේ. නමුත් පැරණි කිසිදු වැඩකට නොමැති ආර්ථික ප්‍රතිපත්ති සහ පක්ෂ ප්‍රතිපත්ති කරතබාගෙන සිටින රනිල් ඇතුළු පිරිසට මෙම තරුණ පරපුර වෙත දියහැකි වන්නේ බලාපොරොත්තු සුන්වීම පමණක් වනු ඇත. තමන්ගේ පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාත්නත්‍රවාදය පවා තුට්ටුවකට මායිම් නොකරමින් නායක තනතුරේ ලැගගෙන සිටිනා රනිල්ලාට තරුණ පරපුර වෙනුවෙන් අමුතු යමක් නම් දිය නොහැකි වනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...