මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්රදේශයේ ජනතාවගේ ප්රශ්නවලට විසඳුම් ලබාදී නොමතිම වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අද හපුතලේ නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය වී තිබුණි.
මෙම උද්ඝෝෂණය සඳහා සම්බන්ධ වූ පිරිස් සඳහන් කරන්නේ එම ප්රදේශය අවදානම් සහගත බව සඳහන්ව තිබියදීත් තවමත් ඔවුන්ට වෙනත් ස්ථානයක් ඉඩම් ලබාදී නොමැති බවයි. මෙම උද්ඝෝෂණය සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්යාපාරය සහ වතු කම්කරු මධ්යස්ථානය එක්ව සංවිධානය කර තිබුණි.
මෙම නාය යෑමෙන් හානියට පත් ජනතාවගෙන් කොටසකට පමණක් නිවාස සහ ඉඩම් ලබාදී ඇති නමුත් තවමත් විශාල පිරිසකට ඉඩම් හෝ නිවාස ලබාදී නොමැත.
මෙම ප්රදේශ නියෝජනය කරමින් සහ වතු කම්කරු ප්රජාව නියෝජනය කරමින් නව ආණ්ඩුවට මන්ත්රී ධූර කිහිපයක්ම හිමිව තිබේ. නමුත් තවමත් ජනතාවගේ ප්රශ්නවලට විසදුම් ලබාදීමේ සේයාවක්වත් දක්නට නොලැබීම ඛේදවාචකයකි.




