ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

‘සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම’ විසින් තම ආයතනයේ සේවකයන්ට වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාද කිරීම, සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම හා සුබසාධක අරමුදල් වංචා කිරීම හා කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරිමට ‘මව්බිම’ සහ Ceylon Today පුවත්පත්වල මාධ්‍ය සේවකයන් විසින් නොවැම්බර් 3 වන දින විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ටිරන් අලස් විසින් මෙහි මාධ්‍යවේදීන්ට සහ සේවක සේවිකාවන්ට මාස ගණනාවක වැටුප් ගෙවා නැති බවත් සේවක අර්ථසාධක අරමුදල වෙත ට ගෙවිය යුතු මුදල් පවා නොගෙවා රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි . සේවකයන් තම අයිතීන් වෙනුවෙන් කරන අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා පසුව බියට පත් ටිරාන් අලස් ආයතනය ඉදිරිපිට වාහන පෙළ ගසා පොලිසිය කැඳවා ඇති බවක් වාර්තා වෙනවා .

ඡායාරූප සඳුන් විතානගේ ගේ පිටුවෙන්

Share post:

Popular

වෙනත් පුවත්

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත්...

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...