ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත.

මේ අනුව එම භික්ෂුවට මින් පෙර නියම වී තිබූ බරපතල වැඩ සහිත සිරදඬුවම යළිත් සක්‍රීය විය යුතුය.

මෙම නඩුව සඳහා පෙත්සම්කරුවන් ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ඉදිරිපත් වී සිට ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වන දින හෝ ඒ ආසන්නයේ දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබීය.

මෙම අතුරුදහන් කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් යුද හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ සම්බන්ධ නඩුව (B7417/2010) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවතුණි.

2016 ජනවාරි 25 වන දින අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර, එහිදී සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. නඩු විභාගයෙන් පසුව, ඥාණසාර හිමියන් විවෘත අධිකරණයේදී කිසිදු අවසරයකින් තොරව කෑගසමින්, අධිකරණයට සහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්ට තර්ජනය කරමින් හා අපහාස කරමින් හැසිරුණි.

හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමියන්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් 2016 මාර්තු 18 වන දින අභියාචනාධිකරණයට වාර්තා කිරීමෙන් පසු (CA (CC) Application No. 04/2016) අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ විය. එහිදී උන්වහන්සේට එරෙහිව ප්‍රධාන චෝදනා හතරක් ගොනු කෙරිණි. එනම්; නීත්‍යානුකූල අවසරයකින් තොරව අධිකරණය ඇමතීම, අධිකරණ නියෝග පිළිනොගන්නා බව පැවසීම, සැකකරුවන්ට ඇප දෙන ලෙස අධිකරණයට බලපෑම් කිරීම සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයාට අපහාස කිරීමයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණය විසින් ඥාණසාර භික්ෂුව මෙම සියලු චෝදනාවලට වරදකරු කරනු ලැබූ අතර පහත පරිදි දඬුවම් නියම කෙරිණි:

1 වන චෝදනාවට: වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
2 වන චෝදනාවට: වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
3 වන චෝදනාවට: වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
4 වන චෝදනාවට: වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

මෙම සියලු දඬුවම් එකවර (සමගාමීව) ගෙවී යන ලෙස නියම වූ අතර, ඒ අනුව උන්වහන්සේට වසර 6 ක සිරදඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කරනු ලැබීය. මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළද, 2018 ඔක්තෝබර් 05 වන දින (SC/SPL/LA. No. 320/2018) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා අවසර අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

ඥාණසාර භික්ෂුව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී, මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ පාර්ශ්වවලමහානායක හිමිවරුන්, දියවඩන නිලමේතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීම් කර තිබුණි.

මේ අතර, 2019 මැයි 23 වන දින, වින්දිතයන්ට හෝ පැමිණිලි පාර්ශ්වයට කිසිදු දැනුම් දීමකින් තොරව ඥාණසාර හිමියන් හට හදිසියේම ජනාධිපති සමාව ප්‍රදානය කෙරිණි.

විනිසුරු වයස දීර්ඝ කිරීමට අදාළ 22වන සංශෝධනය ගැන විවාදය මේ මස 24 වනදා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය. ඊට පෙර ආණ්ඩුව විවිධ සංදර්ශන පෙන්නමින් සිටියි. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ජනතාවට තමන් විශ්වාස තැබිය හැකි පිරිසක් බව පෙන්වීමටයි. නමුත් ආණ්ඩුව මේ සංදර්ශන මැදින් වෙන ගේම් ගසන බවද ජනතාව තේරුම් ගත යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...