කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි ජීව විද්යාත්මක අවශ්යතාවන් වන අතර මාසික ආර්තවය යනු එවැනිම තෝරා ගැනීමක් කළ නොහැකි ස්වභාවික සංසිද්ධියකි. මෙම ක්රියාවලියේ දී සිදු වන්නේ, කාන්තා සිරුරෙන් හුදු ලේ ගලා යාමක් නොවන අතර එය මුලු මානව වර්ගයාගේම බිහිවීම හා පැවැත්ම තීරණය කරන ජීව විද්යාත්මක ක්රියාවලියකි. තම ජීවිත කාලයෙන් අවුරුදු 35 /40 ක් තරම් කාලයක් ආර්තවයට මුහුණ දෙන ගැහැනියකට ඒ කාලය තුළ නිරෝගීව හා සනීපාරක්ෂිතව සිටීම ඇගේ මූලික මිනිස් අයිතියකි.
අපි ආපස්සට ද?
ඉන්දියාව, මැලේසියාව, බංගලාදේශය වැනි රටවල් සනීපාරක්ෂක ද්රව්ය මත පැවැති බදු මුලුමනින්ම ඉවත් කර ඇති අතර තායිවානය, දකුණු කොරියාව කාන්තාවන්ට සනීපාරක්ෂක ද්රව්ය නොමිලේ ලබා දෙයි.
ලංකාවේ තත්වය
දේශීයව නිපදවන සනීපාරක්ෂක තුවා මත 20.5% ක බද්දක් හා ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා 51.07% අධික බදු බරක්. මේ නිසා කාන්තාවන්ට පැරණී අනාරක්ෂිත ක්රම මත තවමත් තම සනීපාරක්ෂාව සලසා ගැනීමට සිදු වී තිබේ. (රෙදි භාවිතය)
ප්රශ්නය
ලංකාවේ කාන්තාවන්ගෙන් 50% ට ආසන්න පිරිසකට අද සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමට නොහැකිව සිටිති. “ගැහැනු අපි එක මිටට” කියමින් ඡන්දය ලබා ගන් NPP ආණ්ඩුව ගැහැනිය මනුෂ්යයෙක් ලෙස පිළිගන්නේ නම්, ඇගේ මූලික සනීපාරක්ෂක අවශ්යතාවය සඳහා වන ද්රව්ය මත පනවා ඇති අයුක්තිසහගත බදු ඉවත් කිරීමට තරම් සදාචාරවත් නැත්තේ ඇයි ? කාන්තාවට නිදහස හා සමානාත්මතාවය ලබා දෙන බව හා ප්රජාතන්ත්රවාදය ඉහළින් ස්ථාපිත කරන බවටන් පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුවෙන් සහ ආණ්ඩුව බලයට ගෙන ඒමට සහය දුන් සියලු සමාජ කණ්ඩායම් වලිනුත් අප අසන්නේ, කාන්තාවන්ගේ මූලික සනීපාරක්ෂක අවශ්යතාවය මත අසාධාරණ ලෙස බදු ගැසීම අශිෂ්ට ක්රියාවක් නොවේද යන්නයි ?
සනීපාරක්ෂාව යනු වරප්රකදයක් නොව අයිතියකි!
සනීපාරක්ෂක ද්රව්ය මත අය කරන අසාධාරණ බදු වහා හකුලා ගනු !
කාන්තා සනීපාරක්ෂක ද්රව්ය යනු සුඛෝපභෝගී භාණ්ඩ නොව මූලික අවශ්යතාවයක් බව පිළිගනු!
ගැහැනු ලෙයට බදු ගහන අසාධාරණ පාලනයට එරෙහිව හඬනගමු !
නිරෝෂා 071 6860 881
සිතාරා – 076 686 4119
නිදහස් කාන්තාවන්
නිදහස උදෙසා කාන්තා ව්යාපාරය / FREE WOMEN!





