පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය් පවත්වාගෙන ගිය නඩුවේ තීන්දුව (අද සැප්තැම්බර් 22 – 2026)විසින් දෙක ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

චෝදනා 23,270කට අධික ප්‍රමාණයක් යටතේ විභාග වූ මෙම දීර්ඝ නඩුවේ තීන්දුව ලබා දුන්නේ, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි. මෙසේ ලබා දුන් තීන්දුව ඒකමතික තීන්දුවක් ලෙස ලබාදීම විශේෂත්වයක් වෙනවා.

එම තීන්දුවට අනුව විත්තිකරුවන් 15 ක් බරපතළ වැඩ සහිතව වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් ලබා දීමට නියෝග කළා. එම නියෝගයට අනුව 1 සිට 9 දක්වා වූ විත්තිකරුවන් මෙන්ම 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව තිබූ සියලුම චෝදනාවලට වරදකරුවන් වී ඇති අතර 10 වැනි විත්තිකරුට එල්ල වී තිබූ 16 වැනි චෝදනාවෙන් පමණක් නිදොස් කොට නිදහස් කළා. මීට අමතරව, 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් අදාළ චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

වරදකරුවන් වී වසර 220 ක් දක්වා සිර දඬුවම් නියම වූ සියලු දෙනාගේ නිශ්චිල සහ චංචල දේපළ රාජසන්තක කිරීමටද නියෝග කරනු ලැබුවා. ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ අද දිනයේ සිට ඔවුන් සියලු දෙනාගේ දේපළ රාජසන්තක වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...