අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින උගත් තරුණ තරුණියන් සියයට 43 ක් රැකියාවක් නොමැතිව සිටින බවත් එය මෙම වයස් කාණ්ඩයේ කලාපයේ උගතුන් අතර ඇති ඉහළම රැකියා විරහිත අනුපාතය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම විශේලේෂණ වාර්තාවක සඳහන් වේ.

ඩිප්ලෝමාවක්, උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හිමි මෙම තරුණ තරුණියන් අධ්‍යාපනයට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ශ්‍රී ලාංකාව ඇතුළු ආසියානු කලාපයේ සිටින උගත් තරුණ තරුණියන්ට කෘතිම බුද්ධියේ වේගවත් ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඉන් ඔවුන්ට රැකියා සොයාගැනීම තවදුරටත් අසීරු විය හැකි බවද එම අරමුදල පවසයි.

ලෝකයේ කෘත්‍රීම බුද්ධිය භාවිතය තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ඉහළ ගියහොත් ඉන් තරුණ තරුණියන්ගේ රැකියා වෙළෙඳපොළට බලපෑමක් එල්ල කළ හැකි යැයිද එම අරමුදලේ අදහසයි.

තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ආසියානු කලාපයේ ඉහළ අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන් තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට දැඩි ලෙස අරගල කරන බවත්, නව තාක්ෂණික වෙනස්කම් හමුවේ අධ්‍යාපන පද්ධතිය හා කුසලතා වර්ධනය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

තායිලන්තයේ අවුරුදු 15ත් 24 ත් අතර උගත් තරුණ තරුණියන්ගේ රැකියාවක් නොමැති සිටින ප්‍රතිශතය සියයට 13.2ක් බවත් බංග්ලාදේශයේ එම ප්‍රතිශතය සියයට 36ක් බවත් එම විශ්ලේෂණය පෙන්වා දෙයි.

ලංකාවේ තාක්ෂණික දියුණුවේ බලපෑමට අමතරව නව කර්මාන්ත ආරම්භ නොවීම සහ රැකියා අවස්ථා පුළුල් නොවීම විරැකියාව වැඩිවීමට ඍජුව බලපා තිබේ.

මෙම තත්ත්වය විසින් තරුණ තරුණියන් පෙළඹී ඇත්තේ කුමන හෝ රැකියාවක් සඳහා විදෙස් ගතවිමයි. දැනටත් බොහෝ තරුණ පිරිසක් විදෙස් ගතවී අවසන්ය. එම පිරිසත් සමඟ බැලුවහොත් ලංකාවේ සුරක්ෂිත රැකියාවක් සිදුකරන පිරිස ඉතා අඩු පිරිසක් විය යුතුය.

පසුගියදා අනාවරණය වූවේ අපේ රට වැටුප් මට්ටම් අතරින්ද අපේ රට ආසියානු කලාපයෙන් ඉතා බරපතල තැනක සිටින බවයි. රැකියා නොමැති කමට අමතරව රැකියාවක් සහිතව වුවද අද ලංකාවේ ජනතාවට ජීවත්වීම අසීරු වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...