අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම නිමිත්තෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් දිවයින පුරා සංවිධානය කර ඇති මහජන රැලි මාලාවේ තවත් ජනරැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරි ආර්ථික සහන සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

ඊයේ (20) මාතර, අකුරැස්සේදී පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ලබන මස ඉන්ධන මිල පාලනය කිරීමටත්, ඉදිරි අයවැය මගින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල උච්චාවචනය වීම අනුව එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතියද, එම සමස්ත බර ජනතාව පිට නොපටවා රජය මැදිහත් වී සහනාධාරයක් ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබේ.

ජනතාව දැනට මුහුණ දෙන ජීවන වියදම් පීඩනය සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැය ලේඛනය මගින් ඇතැම් බදුවල බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරඇත.

ආණ්ඩුවට වසර දෙකක් ගතවීමෙන් පසුවත් සිදුවී ඇත්තේ යලි යලිත් පොරොන්දු ලබාදීම පමණි. වසර දෙකක් ගතවීත් කරගැනීමට නොහැකිව මෙම ඉදිරියට ගෙනයන පොරොන්දු අනුර කුමාර විසින් ලබාදුන්නේ ජනාධිපතිවරණ සමයේදීයි. එම කිසිදු පොරොන්දුවක් ඉටු නොවුනි.

දැන් නැවතත් ඔහුම පොරොන්දු ලබාදීම ආරම්භ කර තිබේ. මෙම පොරොන්දු ඉදිරියටත් ඉටු කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙන්නේ දැන් ආර්ථික අර්බුදය තවත් උඩුදුවා ඇති තත්ත්වයකදීයි.

Share post:

Popular

වෙනත් පුවත්

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...