” ජාවා මුහුදට ඉහළින් සඳ “

” සඳ අපේ යැයි ” උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 6 වන දාය . ඒත් කවියෝ දරුවන් හා සඳ මිතුරන් යැයි පවසයි .

මේ රොබෑර්තෝ පියුමීණි ගේ ” ජාවා මුහුදට ඉහළින් සඳ “

සඳ
වටකුරුය
පාවී යයි
ජාවා මුහුදට ඉහළින් .

ජාවා හී හිටියා
දරුවෙක්
අතැතිව
බැලුන් බෝලයක් .

සඳ
සැහැල්ලුවෙන්
කතා කළා,
දරුවා සවන් දුන්නා.

යන්න උවමනායි
දරුවට
නමුත් යන්නට
බෑ ඉහළට .

අතහරිමි
බැලුන් බෝලය
නිදහසේ යන්න
මුහුදට ඉහළින්.

සැහැල්ලුවෙන්
ඉහළ ගියා
තැඹිලි පාට
බැලුන් බෝලය.

ජාවා
අහසේ
සිනාසෙමින්
බලා සිටියා සඳ.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...