” ජාවා මුහුදට ඉහළින් සඳ “

” සඳ අපේ යැයි ” උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 6 වන දාය . ඒත් කවියෝ දරුවන් හා සඳ මිතුරන් යැයි පවසයි .

මේ රොබෑර්තෝ පියුමීණි ගේ ” ජාවා මුහුදට ඉහළින් සඳ “

සඳ
වටකුරුය
පාවී යයි
ජාවා මුහුදට ඉහළින් .

ජාවා හී හිටියා
දරුවෙක්
අතැතිව
බැලුන් බෝලයක් .

සඳ
සැහැල්ලුවෙන්
කතා කළා,
දරුවා සවන් දුන්නා.

යන්න උවමනායි
දරුවට
නමුත් යන්නට
බෑ ඉහළට .

අතහරිමි
බැලුන් බෝලය
නිදහසේ යන්න
මුහුදට ඉහළින්.

සැහැල්ලුවෙන්
ඉහළ ගියා
තැඹිලි පාට
බැලුන් බෝලය.

ජාවා
අහසේ
සිනාසෙමින්
බලා සිටියා සඳ.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...