දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. පැමිණීම වාර්තා වීමත් සමඟ මාධ්‍ය තුළ විවිධ කතා කියවෙන්නට ලියවෙන්නට පටන් ගත්තා . . ජනතාවට සඟවා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ අත්සන් තැබූ ගිවිසුම් හතේ යම් එකඟතාවයන් පිළිබඳව සාකච්ඡා කර ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම සිදු වෙන බව මේ කතා අතර තිබුණා . විශේෂයෙන්ම රහසක් ලෙස තබාගෙන සිටින ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් මේ පැමිණීමේදී යම් යාවත්කාලීන කිරීම් සිදු කරාවි කියන උපකල්පන විශ්වාසයන් තිබුණා .. මේ සියල්ලට ම ආණ්ඩුව කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ .
කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියා .වැඩ බලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු ඇමති විජිත හේරත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම වැඩි දෙයක් නැති තැනට ලඝු කරලා කතාකරා .
ඔහුගේ පැහැදිලි කිරීමට අනුව නම් දශක තුනකට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් ලංකාවට පැමිණෙන්නේ සුළු ගිවිසුම් දෙක තුනක් අත්සන් කරලා යන්න .
හෙට 9/9 ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමට නියමිතයි .
මොනවද මේ ගිවිසුම්
- ලංකාවේ ශිෂ්‍ය බට කණ්ඩායම් සහ ඉන්දියානු ශිෂ්‍ය බට කණ්ඩායම් අතර අවබෝධතා ගිවිසුම
- ලංකාවේ සහ ඉන්දියාවේ ආරක්ෂක පීඨ දෙක අතර අවබෝධතා ගිවිසුම
- 2000 -2026 කාලය තුළ ඉන්දියානු රජය ආධාර විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන්නු MM40L70 ගුවන් ආරක්ෂක අවි විසි හතරෙන් ඉතිරි හයත් නඩත්තු කිරීම සඳහා වන ගිවිසුම .




