දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා මාලාවක් අරගෙන අද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයට ගියා.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉතිහාසය පුරාම කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදනයෙන් ඉතාම අඩු ප්‍රතිශතයක් බවයි. පහුගිය වසරවලදී එය 0.047%, 0.051% හා 0.048% වැනි පහළ මට්ටමක පැවති බව පෙන්වා දෙන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙවර අයවැයෙන් එය සියයට එකක්වත් වන ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන ලද බවයි .
*ළමා රක්ෂක අධිකාරියේ පවතින මානව හා භෞතික සම්පත් පුරප්පාඩු වහාම පියවීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම.
*පාසල් වර්ගීකරණයකින් තොරව (වතුකර, පළාත් සභා, ජාතික) මන්දපෝෂණයෙන් පෙළෙන සියලුම පාසල් දරුවන් උදෙසා පෝෂණීය දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙලක් සැකසීම.
*අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) මත පනවා ඇති බදු වහාම ඉවත් කිරීම.
*දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා සියලුම ක්ෂුද්‍රමූල්‍ය ණය කපා හැරීම සහ රජය මැදිහත් වී සහනදායී ණය ක්‍රමවේදයක් හඳුන්වා දීම.




