රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවි කරුණානායකව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . රවි කරුණානායක අමාත්‍යවරයෙකුව සිටි සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයට එහි කාර්ය  පටිපාටියෙන් තොරව කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයන් පස් දෙනෙකුව අනීතිකව බඳවා ගැනීම සහ එම පුද්ගලයන්ව ඔහුගේ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා යොදවා ගැනීම මගින් රජයට අලාභ කිරීම ඔහුට විරුද්ධව තිබෙන චෝදනාවයි .

මේ සිදුවීම සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීමට අවස්ථා හතරකදී රවිකරුණානායකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ට පැමිණෙන්නට  දැනුම් දී තිබුනද ඔහු එම අවස්ථාවන්වලදී මගහැර සිටීම නිසා පසුගිය දිනක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුගේ නිවසට  ගොස් තිබුණා . . කෙසේ වෙතත් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත  කට උත්තර දීමට පැමිණී රවි කරුණා නායකව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශර්මිලා පෙරේරාව අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිට පසුගිය ජුනි මස තිස් වන දා ඇප මත නිදහස් කර තිබෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...