රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවි කරුණානායකව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . රවි කරුණානායක අමාත්‍යවරයෙකුව සිටි සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයට එහි කාර්ය  පටිපාටියෙන් තොරව කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයන් පස් දෙනෙකුව අනීතිකව බඳවා ගැනීම සහ එම පුද්ගලයන්ව ඔහුගේ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා යොදවා ගැනීම මගින් රජයට අලාභ කිරීම ඔහුට විරුද්ධව තිබෙන චෝදනාවයි .

මේ සිදුවීම සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීමට අවස්ථා හතරකදී රවිකරුණානායකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ට පැමිණෙන්නට  දැනුම් දී තිබුනද ඔහු එම අවස්ථාවන්වලදී මගහැර සිටීම නිසා පසුගිය දිනක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුගේ නිවසට  ගොස් තිබුණා . . කෙසේ වෙතත් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත  කට උත්තර දීමට පැමිණී රවි කරුණා නායකව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශර්මිලා පෙරේරාව අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිට පසුගිය ජුනි මස තිස් වන දා ඇප මත නිදහස් කර තිබෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...