ඩොලර් මිලියන 2.5ක වංචාව ගැන මහ බැංකුවෙන් මුදල් අමාත්‍යංශයට චෝදනා

Date:

ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීම හැර වගකීම ගැනීමට කෙනෙකුන් නොමැති බව දක්නට ලැබේ.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ.

එසේම මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරැදි නොවන ප්‍රකාශ කීපයක් සිදුකර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා දෙකක් ඉදිරිපත් කර අැති අතර ඉන් එක් වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

හැකරුන් කණ්ඩායමට, භාණ්ඩගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලකෂ 25 ක මුදලක් සොරකම් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මූලික මෙහෙයුම් සහ පාලන දුර්වලතා හේතුවෙන් බව ද ඒම වාර්තා‍ෙවි සදහන් වේ.

එසේම මුදල් අමාත්‍යාංශයේ බාහිර ණය ගෙවීම සඳහා තිබෙන ක්‍රියාවලියේ අසාර්ථකත්වයද මෙම සොරකමට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ණය ලේඛනවලට අනුව ලැබී තිබෙන ගෙවීම් උපදෙස් නිවැරදි දැයි තහවුරු කර ගැනීමේ වැදගත්ම රාජකාරිය පැවැරී අැති අමාත්‍යාංශ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකර නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා‍ෙවි සදහන් වේ

හැකරුන්ට, මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපෑලේ ආරක්ෂාව බිඳ දැමීමට හැකිවීමත් ගෙවීම් උපදෙස් නිවැරදිදැයි තහවුරු කර ගැනීමට එම රාජකාරිය පැවැරී ඇති නිලධාරීන් අසමත් වීමත් හේතුවෙන් මෙම සොරකම සිදුවී තිබෙන බව පැහැදිලි යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයාද මේ සඳහා සම්බන්ධ බවයි.

දැන් එකිනෙකාට බෝලය පාස්කරමින් සිටියි. ගැටලුව වන්නේ මෙහි වන්දිය ජනතාවට ගෙවීමට සිදුවීමයි. පසුගියදා මෙම අහිමි වූ මුදල නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත්, එම ණය පියවීම සඳහා අවසානයේ ‍රාජ්‍ය මුදල් භාවිත කිරීමට සිදුවන බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...