ශාන්ත බණ්ඩාර තවමත් අඬනවා ඇති.

චීන ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑම මෙහෙයවීමේ සිද්ධියකට සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාව පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට අවසර ලබා දුන්නා.

අනුජ දිනුජිත් බණ්ඩාර නැමැති මෙම පුද්ගලයා සහ තවත් පිරිසක් චීන ජාතිකයා සතු මුදල් පැහැර ගැනීමට තැත් කරනු ලැබුවේ පසුගිය ජූලි 13 වනදාය.මොවුන් ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් පැහැර ගැනීමට තැත් කර තිබුණි. මුදල් පැහැරගෙන පලා ගිය පුද්ගලයා පසුපස හඹා ගොස් ඔහුව අල්ලාගෙන පොලිසියට බාර දී තිබුණි. පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමේදී ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා මේ පැහැර ගැනීමේ සිද්ධිය මෙහෙයවා ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හෙට යළි අනුජ දිනුජිත් බණ්ඩාරව අධිකරණය වෙත යොමු කිරීම සිදු කළ යුතුය. එහිදී පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණයට වාර්තාවක්ද සැපයිය යුතුය.

චීන ජාතිකයෙකුට රුපියල් කෝටි දෙකක් ලැබුණේ කොහොමද

මුදල් පැහැර ගැනීමට ලක් වූ චීන ජාතිකයා සතුව තිබූ මුදල් ඔහුද අයථා ලෙස උපයාගත් මුදල් බව අනාවරණය වී තියනවා. කෙසේ හෝ මෙම චීන ජාතිකයා සතුව තිබෙන රුපියල් ඩොලර් බවට පරිවර්තනය කර දෙන පොරොන්දුව පිට ඔහුව බම්බලපිටියේ පැහැර ගැනීමට ලක් වූ ස්ථානයට ගෙන්වාගෙන ඇති බවත් එහිදී උපක්‍රමශීලී ලෙස මුදල් පැහැර ගැනීමට තැත් කර ඇති බව අනාවරණය වෙනවා. වර්තමානය වන විට චීන ජාතිකයන්ගේ සයිබර් අපරාධ තිප්පලක් බවට ලංකාව පත් වීතිබෙනවා. පසුගිය මාස කීපය තුළ එවැනි අපරාධ සිදුවන මධ්‍යස්ථාන වටලා විශාල වශයෙන් විදේශිකයන් අත්අඩංගුවට ගැනීම් සිදුවුනා.

ශාන්ත බණ්ඩාර තම පුතා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණා . ශාන්ත බණ්ඩාර සතුව බලය පැවති කාලයේදී වයස අවුරුදු 18ක 19ක පුත්‍රයාගේ නමට බාර් ලයිෂන් ලබාගෙන ඇති බව අනාවරණය වුණා අපට මතකය. ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වාර්තා පළ වුණේද මේ ශාන්ත බණ්ඩාරගේ නමටය.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...