ඇමරිකානුවන් අතර දුප්පත්කම ඉහළ යද්දී ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 37.5 වියදම් කරලා

තවමත් පැහැදිලි අවසානයක් නොමැති ඉරානය යුද්ධය වෙනුවෙන්, මේවනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 37.5 ක මුදලක් වැයවී ඇති බවට ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවැසුවේ සෙනෙට් අයවැය කමිටුව හමුවේ පෙනී සිටිමිනි. මෙම යුද වියදම් මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8 ක පමණ ඉහළ යෑමක් බව ද ආරක්ෂක අමාත්‍යවරයා සෙනෙට් කමිටුව හමුවේ පවසා තිබේ.
මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 67ක් ඇතුළුව ඩොලර් බිලියන 87 ක අතිරේක මුදල් වෙන් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇත.
මෙම අතිරේක මුදල් ප්‍රමාණය නොලැබුණහොත්, හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමට පමණක් නොව, යුද උපකරණ හා ආයුධ සැපයුමට බාධා එල්ල විය හැකි බවටත් පීට් හෙග්සිත් අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ නිල දරිද්‍රතා මිනුමට අනුව, ඇමරිකානුවන් මිලියන 35.9 ක් නැතහොත් එක්සත් ජනපද ජනගහනයෙන් 10.6% ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙන තත්ත්වයක් තුළ මෙවැනි අධික වියදම් කිරීම කොතරම් යුක්ති සහගතද යන්නයි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...