පසුගිය ජනවාරි මාසයේ සිට අඛන්ඩව සංවාද වාර විසි පහක් ඉදිරිපත් කර ඇති “ලිට් රූම් සූම්” සංවාද මණ්ඩපය මෙවර සංවාදය වෙන්කෙරෙන්නේ AI+මානව (ඒ අයි ප්ල්ස් මානව) නම් විද්‍යා ප්‍රන්ධ නවකතාව පදනම් කරගෙනය. “AI+මානව” හරේන්ද්‍ර යසස් ගමමැදගේ ගේ නිර්මාණයකි.
වෘත්තිමය පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙස හා indesign පිටු සැකසුම් ශිල්පියෙකු වශයෙන් කටයුතු කරනු ලබන හරේන්ද්‍ර යසස් ගමමැදගේ ත්‍රාසජනක, අද්භූත හා විද්‍යා ප්‍රබන්ධ යන ශානරයන්ගෙන් ප්‍රබන්ධකරණයේ යෙදෙන්නට ප්‍රියතාවක් දක්වන්නේ ය. ඔහුගේ මුල්ම ප්‍රබන්ධ නවකතාව වූයේ ‘කාල වර්ණ’ කෘතියයි. ඉන්පසු පිළිවෙලින් “තෝරාගැනීම”, “ආත්මබුදින්නා”, “මෘග භීෂණය” හා “AI + මානව” යන කෘතීන් ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ මී ලඟ නවකතාව ‘අළුගෝසුවො මග එති’ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වීමට නියමිතය.
“AI + මානව” දංකොටුව මල්පියලි ප්‍රකාශනයකි.
“AI + මානව” ලියැවෙන්නේ අදින් ශතවර්ෂ හතරකට එහා එනම් විසි පස්වන සියවසේ දී පෘතුවිය මත ජීවත්වන මිනිසුන්ගේ ජීවන තොරතුරු ආශ්‍රයෙනි.

“මේ විසිපස්වන සියවසයි. මේ යුගයේ සිතීමේ හා ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇති කෘත්‍රිම සුපිරි බුද්ධීන් (Artificial Superintelligence) හා මිනිස් ක්ලෝන පිටපත් ලෝකය පුරා මිනිස් වර්ගයා හා එක්ව විවිධ නීති රාමුවලට යටත්ව, සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් වාසය කරයි. ඇතැම් කෘත්‍රිම බුද්ධීන් හැඩරුව අතින් මිනිස් රුවට සමාන වුවත් ඇතුළතින් ඇත්තේ සිතන පතන යන්ත්‍රයකි. ලොව පුරා මිනිස් ජනගහනයට සාපේක්ෂව කෘත්‍රිම බුද්ධීන් ප්‍රතිශතය ගතහොත් එය සියයට හතළිහක ප්‍රමාණය ඉක්මවයි. එය තව තවත් වර්ධනය වෙමින් පවතී.” (9 පිටුව)
25 වන සියවසේදි දි පෘතුවිය මිනිස් මානව වර්ගයා, සුපිරි කෘතිම බුද්ධිමතුන් හා මිනිස් ක්ලෝන පිටපත් බහුල යුගයකි. එකිනෙකා හා සහ සම්බන්ධය පවත්වාගෙන යාම සහ ඔවුන් අතර ඇතිවන බැඳීම් හා ගැටීම් මේ කෘතියේ තේමාවය.
කුමක්දෝ හේතුවකට තව දුරටත් පෘතුවිය ඇතුළත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගමන් කරන්නේ ඉලිප්සීය මාරගයක නොව රවුම් මාර්ගයක ය. මේ අදහාගත නොහැකි වෙනස්වීම මිනිස් ජීවිත පැවැත්ම කෙරෙහි ඇතිකරන බලපෑම කුමක් ද? එය සුපිරි කෘතිම බුද්ධියට බලපෑම් කරනු ඇද්ද.
ලෝකයේ දේශපාලන හා යුධ බලය කෙරෙහි මිනිසා තරමටම කෘතිම බුද්ධිය බලපෑම් සහගත වූ යුගයක, කෘතිම බුද්ධියට ස්වාධීනව හා ස්වයංක්‍රීයව ම සිතා කළල සංසෙචනය කර කාන්තා කෘතිම බුද්ධි ගර්භාෂයක බහා ජීවය දෙමින් තම වර්ගයා බෝ කර ගැනීමට තරම් වර්ධනය වී ඇති කාලයක ඊනියා මානවයාගේ පැවැත්ම කෙතරම් අභියෝගාත්මක විය හැකිද? රැකියා විරහිත බව හා පරිසර දූෂණය මිනිසාගේ පැවැත්ම අවිනිශ්චිත කර ඇත. මෙම කාලය වනවිටත් අධිකතර පරිසර දූෂණය විසින් පෘතුවියේ ධ්‍රැව ආශ්‍රිත සියලු ජීවයෙන් තොර කලාප බවට පත් කර ඇත. සිය හිතවතුන් අත වැසියන් සේ පෙනී සිටින කෘතිම බුද්ධිය යටිතලයෙන් ක්‍රියා කරන්නේ මානව බලපෑමෙන් තොරව පෘතුවිය මත සිය බලය තහවුරු කරගැනීමට ය. වසර ලක්ෂ ගණනක් පුරා පෘතුවි තලයේ පාලනය මෙහෙය වූ හෝමෝ මානවයා, තමා විසින්ම නිපද වූ කෘතිම බුද්ධියේ බල පරාක්‍රමය ඉදිරියේ කිනම් ඉරණමකට ගොඳුරු වෙයි ද?
ඔබ හා මා ජීවත්වන මේ වර්තමානයේ, පරිගණකයක ක්‍රියාත්මක වන චිපයක් ප්‍රෝග්‍රෑමයක් කමාන්ඩ් හෝ පරිහණක පද්ධති දෙකක් වැනි දෙයක් “ක්ලෑෂ්” වීම හෙවත් එකකට එකක් සමානුපාත නොවීම සාමාන්‍යයකි. එහෙත් කෘතිම බුද්ධියෙන් උපන් සුපරි බුද්ධිමතුන් දෙපිරිසක් එකිනෙකා හා ගැටීම ක් විය නොහැකිද? එය යුද්ධයක් තරමට වර්ධනය විය නොහැකිද?


“මිනිස්සුයි, කෘත්‍රිම බුද්ධියනුයි මේ ලෝකේ සමගියෙන් ජීවත් වෙනවා. පවුල් වෙලා දරුවන් හදනවා. සුපිරි ශිෂ්ටාචාරයක් බිහිවෙලා. මොකද්ද ඇති වැරැද්ද?” සැමුවෙල් සන්සුන් ව ඇසීය.
“මොකද්ද ඇති වැරැද්ද? යකෝ ඒක තමයි උඹලා කරපු ලොකුම වැරැද්ද මිනිස්සු එක්ක මිශ්‍ර වෙන්න ගිය එක!” (92 පිටුව)
තවත් තැනක හැඟීම් දැනීම් සහිත කෘතිම බුද්ධි ස්ත්‍රී පද්ධතියක්, ඇයගේ මානව ස්වාමියා කෙරෙහි ආදරයෙන් බැඳෙන්නට වෙයි, මිනිස් සිත මේ සුපිරි බුද්ධිමතියගේ ආදරය බරගනීද? මිනිස් මානවයාට තම මිනිස් වර්ගයා වෙත ආදරයෙන් බැඳීමට සුපිරි මානවයන්ගෙන් අවසර ලැබේද?
මේ ආකාරයෙන්, විස් පස්වන ශතවර්ෂයේ දී මේ පෘතුවි තළය මත සිදු වීමට නියමිත මහා පෙරළිකාර සිද්ධි දාමයක අනාගත කියවීමක් වන් වූ, කුතුහලයෙන් සපිරි “AI+මානව” විද්‍යා ප්‍රබන්ධ නවකතාව පිළිබඳව කෙරෙන සූම් සංවාදය රසික ඔබට නැවුම් අත් දැකීමක් වනු ඇත.

එම වැඩ සටහනේ අදහස් දැක්වීම, නිසංසලා ගම්ලත්, පැතුම් පුංචිහේවා සමඟ ජනිත් රුක්මාල් විසින් සිදු කෙරෙන අතර සංවාදය මෙහෙයවීම, ලක්නා දුලාංජලි රණසිංහ විසිනි.
සිරිත් පරිදි, ලිට් රූම් සූම් සංවාදය “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හා “ලිට් රූම් ෆේස් බුක් පිටුව” හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.
ජුලි 5 වන ඉරු දින රාත්‍රි 7 ට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාද මාලාවේ 25 වන සංවාද වාරය සඳහා, සම්බන්ධ වන ලෙස ඔබ සැමට “ලිට් රූම් සාමුහිකය” ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)







