Breaking News

ජනමත විචාරණය වෙනුවෙන් ඉන්ධන මිල පහල දැම්මාද ? 

අමාත්‍ය මණ්ඩල රැස්වීම

මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමත් සමග යුරෝපයට බරපතළ ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන්නට සිදු විය . එහි ප්‍රතිඵලයක් ලෙස දරා ගැනීමට නොහැකි ආකාරයට ඉන්ධන මිල ඉහළ ගිය අතර ඉතාලි රජය මෙම අර්බුදය හමුවේ බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින්  සිටියි .

මැද පෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අවස්ථා කිහිපයකදී ඉතාලියේ  තෙල් මිල ඉහළ ගිය අතර අද උදෑසන ද  තෙල් මිල ඉහළ දැමීමට  සිදු විය. පැන නැගී ඇති මෙම හදිසි අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම සිදුකිරීම සඳහා ඉතාලි අමාත්‍ය මණ්ඩලය අද හදිසියේම රැස්වී තෙල් මිල සම්බන්ධයෙන් හදිසි  තීරණ කීපයක් ගැනීමට කටයුතු කළ .  ඒ අනුව දින විස්සකට අදාලව ඉන්ධන මිල සංශෝධනය නොකරන්නටත් ඉන්ධන ලීටරයක් සඳහා සත විස්සක සහනයක් ලබා දෙන්නට තීරණයක් ගෙන තිබේ . ඊට අමතරව ට්‍රක් රථ රියදුරන් සඳහා 26% ක ඉන්ධන  සහනයක්ද , ධීවරයින් සඳහා 20% ක සහනයක් යෝජනා කර තිබේ. 

කෙසේ වෙතත් රජය හදිසියේ ගත් තීරණය සම්බන්ධයෙන් පවතින්නේ සැකයකි . ඊට හේතුව එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනට පවත්වන්නට නියමිත ජනමත විචාරණයේන්  මෙලෝනී ප්‍රමුඛ ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිඵලයට ඉන්ධන මිල ඉහළ යෑම බලපානු ඇතැයි සැකකොට ඉන්ධන සහනාධාරය ලබා දුන්නා ද යන්න පිළිබඳවයි .

ජෝර්ජියා මෙලෝනිගේ යුක්තිය ජනමත විචාරණය පිළිබඳව  සමාජ මතය පුරෝකතනය කිරීමේ දී පෙනී යන්නේ ඉතාලි ජනතාවගෙන් බහුතරය ජනමත විචාරණයට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි .

leave a reply