වර්තමාන අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යවන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා

පසුගියදා ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා ඉතාම බරපතළ යෝජනාවක් හෙලිදරව් කළා. ඒ තමයි මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඩොලර් භාවිතා කරලා ඉන්ධන ගෙන්වන්න අවසර දෙනවා කියන කතාව. කෙනෙකුට මේක ආර්ථිකයට ඉතාම හොඳ යෝජනාවක් විදිහට පේන්න පුලුවන්. හැබැයි අපි දන්නවා ලංකාවේ ඩොලර් එහා මෙහා වීම සම්පූර්ණයෙන් වෙන්න ඕන මහබැංකුවේ නිරීක්ෂණයට යටත්ව. එහෙම නොවී ඩොලර් රට ඇතුළේ සංසරණය වෙනවනම් එතන නිර්මාණය වෙන්නේ කළු ආර්ථියක්.

ඉහත අදහස් ප්‍රකාශ කිරීම සිදුකරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව විසිනි. ඒ මාර්තු 19 වන දා පස්වරුවේ නුගේගොඩදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටියේ ,

අපි මුල ඉඳලම ආණ්ඩුවට කිව්වා ඉන්ධන අර්බුදයක් එන්න පුලුවන්. ඒ නිසා වහාම ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි අවුරුදු එකහමාරක් තිස්සේ කිසිඳු තෙල් ගබඩාවක් අලුත්වැඩියා කරන්න, තෙල් පිරිපහදු අලුත්වැඩියා කරන්න ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුමතරමින් මැදපෙරදිග යුද්ධය පටන් ගන්න වෙලාවේ රටේ ජනතාව ඉවෙන් වගේ දැනගෙන තෙල් අර්බුදයක් එනවා ඒ නිසා තෙල් ටිකක් එකතුකරගන්න ඕන කියලා හිතිලා පෝලිමවලට ගියා. අන්න ඒ ඉවවත් මේ ආණ්ඩුවට මේ යුද්ධය ගැන තිබුණේ නෑ. දැන් ඇවිල්ලා නහයෙන් අඬනවා තෙල් නෑ කියලා.

මේ වෙලාවෙ ලෝක මට්ටමින් දිගහැරෙමින් තියෙන්නේ ඉතාම බරපතළ අධිරාජ්‍යවාදී යුද්ධයක්. චීනය ඇමරිකාව රුසියාව ඇතුළු රටවල් ඉන්නේ විශාල ආතතියක. හැමෝම බලාගෙන ඉන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. මේ යුද්ධය අස්සේ අපි ඉන්න ඕන නොබැඳි ප්‍රතිපත්තියක. එහෙම නැතුව මේ යුද්ධය අස්සෙ අපි එක පැත්තක් අරගත්තොත් ඒකෙන් අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වෙන්න පුලුවන්. අනිත් පැත්තෙන් මහාපරිමාණ ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නවා මේ අර්බුදය පාවිච්චි කරලා ගොඩ යන්න. ඒකට ආණ්ඩුව උඩගෙඩි දිය යුතු නැහැ. මේ අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යවලා ව්‍යාපාරික පැලැන්තිය සතුටු කරන්න ආණ්ඩුව කටයුතු කළොත් ඒකට එරෙහිව මේ රටේ ජනතාව සමග එලතුවෙලා පුළුල් ජනතා බලයක් ගොඩනගන්න අපි සූදානම්. “

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද සහභාගිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...