හෙළ වෙද රාජ්‍ය ඇමති වැඩ අල්ලයි, ටෙන්ඩර් හිතවතුන්ට, කොමසාරිස් එළියට

Date:

ආයුර්වේද අමාත්‍යංශය මගින් පාලනය වන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතනයන්ට අදාළව නිකුත් කරනු ලබන ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් ව්‍යවස්ථාපිත රාමුවෙන් ක්‍රියාත්මක වීම නවතා එම ටෙන්ඩර් තම හිතවතුන්ට ලබාදීමට හෙළ වෙද රාජ්‍ය ඇමති සිසිර ජයකෝඩි කටයුතු කරමින් පවතින බව වාර්තාවේ.

අදාළ ආයතනයන්ට අයත්ව කැදවනු ලබන ටෙන්ඩර් මෙසේ තම හිතවතුන්ට පැවරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර තුරු මේ වහ හෙළිදරව් වූයේ එක් හිතවතෙකුට අදාළ ටෙන්ඩරය භාර ගැනීම සදහා ලියාපදිංචි ආයතනයක් නොමැති විට එම ආයතනය ලියාපදිංචි කරනවා හෝ එම හිතවතාට ආදළ ටෙන්ඩරය භාර දීම සදහා කටයුතු කරන්නැයි ඇමතිවරයා විසින් අමාත්‍යංශ කාර්යය මණ්ඩලයට දැනුම් දී තිබීම හේතුවෙනි.

මේ අතර දිගින් දිගටම තම දේශපාලන ක්‍රියාත්මක වීම් සදහා අනුබල නොදුන් හා පසුගිය කාලයේ තමන්ට වාසි ගෙන දීමට හැකිව තිබූ ධම්මික පැණියට අනුමැතිය නොදීම යන කරුණු සලකා පරිපාලන ක්ෂේත්‍ර යේ නොකිලිටි චරිතයක්ව සිටි ආයුර්වේද කොමසාරිස්වරයා වෙත එම තනතුරින් ඉවත් වීම සදහා විශාල බලපෑමක් සිදුකරමින් සිටින බවද වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ දැක්ම අනුව රාජ්‍ය නිලධාරීන් තම රාජකාරී කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ආයතන සංග්‍රහය හා වගකීම් සහගත භාවයට අනුව කමින් කටයුතු කළත් දේශපාලන බලය අනිසි ලෙස යොදවා එම නිලධාරීන් දඩයම් කිරීමට සිසිර ජයකොඩි ඇමතිවරයා කටයුතු කරමින් පවතින බවට විවිධ වාර්තාවන් අමාත්‍යංශය දෙසින් පැමිණෙමින් තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැති තුමාගේ දැක්මට පරිබාහිර දේශපාලන හිතවත් කම් පෝෂණය කිරීමට පමණක් හෙළ වෙදකම් අමාත්‍යංශය භාවිතා කිරීම නැවත වරක් මෙම ආණ්ඩුවෙහි දූෂණ වැඩෙන අමාත්‍යංශයක් ගොඩ නැගීමේ පදනම ගොඩ නගන බවට විවිධ පාර්ශවයන් විසින් චෝදනා කරයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...