නොවැම්බර් 20 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය මුල් කරගෙන Save the Children සංවිධානය විසින් ඉතාලියේ අවදානමට ලක්වී සිටින ළමා පරපුර පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මෙම වාර්තාවට අනුව ඉතාලියේ අනාගතය ඉතාම බරපතළ අර්බුදයකට ලක් වීමට නියමිතයි . උපත් අනුපාතයේ කඩා වැටීමෙන් නිශ්චිත අවස්ථාවක් ලෙස 2008 ආර්ථික අර්බුදය පෙන්වා දෙන්න පුළුවන් . 2008 ආර්ථික අර්බුදයෙන් පසුව ඉතාලියේ උපත් සංඛ්‍යාව තියුණු ලෙස පහත වැටීමට පටන් ගත්තා . දළ වශයෙන් ඉතාලියේ වසරක උපත් ප්‍රමාණය 570,000 කට වඩා තිබුණු අතර ආර්ථික අර්බුදයෙන් පසු ගෙවුණු සෑම වසරකම නව උපත් සංඛ්‍යාව 380,000 කටත් වඩා අඩු මට්ටමකට පැමිණ තියනවා. මේ සඳහා බලපාන ප්‍රමුක කාරණය ආර්ථික අර්බුදය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර 10 තුළ ඉතාලි පාසල් පද්ධතියට සිසුන් 800,000කට අධික සංඛ්‍යාවක් අහිමි වීම නොසලකා හැරිය නොහැකි බරපතළ ගැටලුවක් .
උපත් මට්ටම් පහළ වැටීම හේතුවෙන් පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් පවත්වාගෙන යෑමේ අර්බුදය මතුවෙනවා. පන්ති පවත්වාගෙන යාමට අවශ්‍ය අවම සිසුන් සංඛ්‍යාව නොමැති වීම නිසා පසුගිය 2015-16 ඇතුළු දශකය තුළ පාසල් ගොඩනැගිලි 1,571ක් වසා දැමීමට සිදුවී තියනවා. පාසල් වසා දැමීම පිළිබඳව සලකා බැලුවොත් ඉතාලියේ දකුණු ප්‍රදේශයේ කැම්පානියා 277 ක් , කැලබ්‍රියා 263 ක්, පුග්ලියා 174 ක් සහ සිසිලිය 172 ක් ලෙස ප්‍රාථමික පාසල් වසා දැමීම සිදුකර තියනවා . ආර්ථික සංවර්ධනය අතින් දුබල මට්ටමක සිටින දකුණු ඉතාලිය නව උපත් අඩුම කලාපය ලෙස හඳුනා ගන්න පුළුවන් . උපත් අනුපාතය පහත වැටීමට ආර්ථිකය මොනතරම් දායක වනවාද කියන එක පිළිබඳව හොඳම නිදසුන එයයි .
වාර්තා වන අඩු උපත් සංඛ්‍යාව හේතුවෙන් ඉදිරි වසර 10 තුළ මෙම අර්බුදය තවත් උග්‍ර වීමට නියමිත බව Istat දත්ත පෙන්වා දෙනවා. 2036 වන විට ඉතාලියේ නගර සභා 3,000ක පමණ තම ප්‍රදේශයේ ඇති එකම ප්‍රාථමික පාසල පවා වසා දැමීමට සිදුවන මට්ටමට දරු උපත් පහත වැටීම හේතුවිය හැකි බව පුරෝකතනය වෙනවා.
මේ තත්වය ආකාර කීපයකින් දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන් . පන්ති කාමරවල දරුවන් අඩු නිසා පාසල් වැසී යාම හේතුවෙන් ගමේ පාසල වැසී යන්නට පුළුවන් . පීඩාවට පත් වන්නේ දරුවන්මය . පාසල සහ ගෙදර අතර දුර වැඩිවීම බලපාන්නේ දරුවන්ටය . පන්ති කාමරයක සිටින දරුවන්ගේ ප්‍රමාණය අවම වීම හේතුවෙන් විවිධ වයස් මට්ටම්වල දරුවන් එක පන්ති කාමරයකට ගෙන උගන්වන්නට යැමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය දුර්වල වීමේ අවධානම තියනවා .මේ ගැටළුව දැනටත් පවතින්නකි . මේ තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ රැකියා ප්‍රමාණය කප්පාදු කිරීමට සිදුවීම විරැකියාව වර්ධනය කිරීමට බලපානවා .
ඉතාලියේ ජීවත්වන විදේශික (සංක්‍රමණික) පවුල්වල දරු උපත් බලපාන ආකාරය
සුවදේශික ඉතාලි ජාතික දරු උපත් ප්‍රමාණය අඩුවීමේ ගැටලුව සමතුලිත කිරීමට මෙම ගැටළුවේ මුල් අවධියේදී ඉතාලියට පැමිණි තරුණ සංක්‍රමණික පවුල්වල දරු උපත් සහ බොහෝ පාසල් වැසී යාමෙන් බේරා ගැනීමට සෘජුවම උපකාරී විය..
වර්තමානය වන විට ඉතාලි පාසල්වල සමස්ත සිසුන්ගෙන් 11%කට වැඩි ප්‍රමාණයක් (900,000) ඉතාලි පුරවැසිභාවය නොමැති සිසුන් වන අතර, ඔවුන්ගෙන් 65%කට වැඩි පිරිසක් ඉතාලියේම උපත ලැබූ දරුවන්ය. නමුත් එම තත්ත්වයද වෙනස් වෙමින් සංක්‍රමණික පවුල් තුළ සිදුවන දරු උපත් ප්‍රමාණය ද අඩුවී තිබේ . ජීවන වියදම ඉහළ යාම, නිවාස කුලී වැඩි වීම සහ රැකියා අස්ථාවරත්වය ඉතාලි පවුල්වලට මෙන්ම විදේශික පවුල්වලට ද දරුවන් හදා වඩා ගැනීමට බාධාවක් වී ඇත. 2008 දී එක් විදේශීය කාන්තාවකට දරුවන් 2.65ක් පමණ වූ අගය මෑතකදී 1.8ක් දක්වා අඩු වෙනවා . එමෙන්ම මීට වසර 15-20කට පෙර තරුණ වයසේදී ඉතාලියට පැමිණි සංක්‍රමණිකයන් දැන් මැදිවියට පත්ව සිටීම සහ නව තරුණ සංක්‍රමණික පවුල් පැමිණීම සාපේක්ෂව අඩු වීමද බලපා තියෙනවා.




