Breaking News

වසරේ ගත වුනේ දින 14 යි අලි මරණ 6 යි. අලි මිනිස් ගැටුම විසඳීම අලි මරණ එකද?

2026 වසරේ පළමු දවස් පහළොව තුළ අලි මරණ හයක් වාර්තා වී තියෙනවා. 2025 වසර අවසන් වෙන්නේ අලි ඇතුන් 438 ක් සහ මේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් ජීවිත 158 ක් අහිමි කර ගනිමින් . අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් පසුගියදාත් පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා .. රජය පැත්තෙන් යම් අදහසක් ජනගත කරන්න උත්සාහ කරනවා. ලංකාවේ අලි ගහනය වැඩිවී තිබෙන නිසා  ගැටුම උග්‍ර වී තිබෙන බවට නමුත් ආණ්ඩුවේ 2024 අලි සංගණනය සාර්ථක සංගණනයක් නොවන බවට විවිධ චෝදනා එල්ල වී තිබෙනවා . මේ අලි මිනිස් ගැටුම අවම කිරීමට ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් යෝජනා ප්‍රකාශයට පත් වී තිබුණත් වර්තමාන ආණ්ඩුව ද  පසුගිය ආණ්ඩු මෙන්ම අත්තනෝමතික ලෙස අසාර්ථක වුණු ක්‍රියාමාර්ග ම දිගින් දිගටම ගනිමින් සිටීම හාස්‍යජනක කාරණයක් වෙනවා .

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ ආසියානු අලි ඇතුන් වඳ වී යෑමේ තර්ජනයකට මුහුණපා සිටින බවයි. එහිදී ඉන්දියාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියන්නේ එරට අලි ඇතුන් ගහනය 25% න් අඩුවී තිබෙන බවයි. පොදුවේ ආසියානු අලි ඇතුන් ගහණය අඩුවීමේ තර්ජනයකට මුහුණ පා සිටියත් ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරන විට 2024 සංගණනයට අනුව 26% න් ලංකාවේ අලි ඇත් ගහනය වැඩිවී ඇති බව පෙන්වා දෙනවා.

ජනවාරි 12 වන දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාල අලි මිනිස් ගැටුම විසඳීම වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ග යෝජනා කරනවා.

එහිදී ආනන්ද විජේපාල අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ ව්‍යසනය දරාගන්න බැරි මට්ටමකට ඇවිත් තියෙනවා තිරසාර විසඳුමක් හොයනකන් අපි මොකක් හරි හදිසි විසඳු ප්‍රමාණයක් ගන්න්න ඕනා තවදුරටත් මිනිසුන්ගේ ජීවිත බිළිදෙන්න බැහැ කියලයි. දස දහසක් හරි යොදවලා මේක කරන්න ඕනා මේක ඛේදවාචකයක්.

තැන තැන මුරකුටි දාලා හෝ ජංගම මුර සංචාර දාලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් බලය ලබාගෙන වාහන ඕන නම් ඕන තරම් යොදවලා තාවකාලිකව මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඕනා කියලා ඔහු ප්‍රකාශකරනවා.

එම සාකච්ඡාවේදීම පරිසර ඇමතිවරයාද ප්‍රකාශ කරනවා අපි කොහොමත් මේ අලි මිනිස් ගැටුම විසඳීමට විශාල මැදිහත්වීමක් කරලා තියෙනවා. මේ වසර තුළින් අලි වැට සහායකයන් 3551ක් සිවිල් ආරක්ෂකයන් 5000ක් ඊට අමතරව මේ අය පාලනය කිරීම සඳහා නව බඳවා ගැනීම් 569ක්සඳහා අවසර ලබාගෙන තියෙනවා. ඒවට අවශ්‍ය ක්‍රියාමාර් ගර්ගනිමින් ඉන්නවා. මේ වසරේ මැද වෙනකොට බඳවා ගැනීම් අවසන් කරන්න පුළුවන්. පිරිස පිළිබඳ ප්‍රශ්නයක් අවසන් කරන්න පුළුවන් .

ඒ වගේම ප්‍රධාන වශයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවට වාහන පිළිබඳ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීලා ඉන්නවා.අපට විශේෂ අනුමැතියක් ලැබුණා කැබ් රථ 103ක් මෝටර් සයිකල් 141ක් ඇතුළු වාහන ප්‍රමාණයක් ගන්න . මේ අවුරුද්ද අවසන් වෙනකොට වාහන ටික අරගෙන් අවසන් කරන්න පුළුවන්.

මේ ටික සම්පූර්ණ වෙද්දි අපි හිතනවා වසර අග වන විට අලි මිනිස් ගැටුම නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.

ආණ්ඩුවේ ප්‍රබල පරිසර උපදේශකයකු වන රවින්ද්‍ර කාරියවසම් පසුගිය දිනක ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණා ඉදිරියේදී අලි කොරිඩෝ හයක් විවෘත කිරීමට සැලසුම් සකස් කරනවා කියලා . 

leave a reply