Sturnus vulgaris පක්‍ෂීන්ගේ අභිරහස් නර්තන රටා

සරත් සහ ශීත ඍතු වේ යුරෝපා අහසේ දැක ගැනීමට හැකි මේ අභිරහස් කුරුලු නර්තන මනරම්ය . ඒවා සැබවින්ම සිත් ඇදගන්නා සුළුය. දහස් ගණනක් පක්ෂීන් සන්ධ්‍යා අහස මත එකමුතුව කරන මේ රංගනයන්ගේ අභිරහස තවමත් නිවැරදිව නිරාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ . මෙම පක්ෂින් මෙසේ මායාකාරී හැසිරීම් රටාව ආරම්භ කරන්නේ සීත කාලය ආරම්භ වනවාත් සමඟ අප්‍රිකානු කලාපය දෙසට ගමන් කිරීමේ අරමුණ ඇතිව තම නඩය ඒකරාශී කර ගැනීම වෙනුවෙනි . මෙම කුරුලු රෑනක සාමාජික ප්‍රමාණය 750 000 සිට දස ලක්‍ෂය දක්වා විය හැකියි . ඔවුන්ගේ විද්‍යාත්මක නාමය Sturnus vulgaris ය . මෙම පක්ෂීන්ගේ පියාපත් වලින් නිකුත් කරන සිහින් ශබ්දය ඔවුනොවුන් අතර මිමුණුමක් සේ ගමන් කරමින් රෑනට සාමාජිකයන් එකතු කර ගැනීම සඳහා අනුබල සපයයි . මෙය storni කුරුල්ලන්ගේ මැසිවිල්ල ලෙස හඳුන්වනු ලබයි .

මොවුන්ට දිනකට කිලෝමීටර් සීයක් පමණ පියාඹා යා හැකි අතර මේ අභිරහස් කුරුලු නර්තනයක් දළ වශයෙන් විනාඩි 45ක පමණ දිගු කාලක් පැවතිය හැකිය .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...