සරත් සහ ශීත ඍතු වේ යුරෝපා අහසේ දැක ගැනීමට හැකි මේ අභිරහස් කුරුලු නර්තන මනරම්ය . ඒවා සැබවින්ම සිත් ඇදගන්නා සුළුය. දහස් ගණනක් පක්ෂීන් සන්ධ්‍යා අහස මත එකමුතුව කරන මේ රංගනයන්ගේ අභිරහස තවමත් නිවැරදිව නිරාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ . මෙම පක්ෂින් මෙසේ මායාකාරී හැසිරීම් රටාව ආරම්භ කරන්නේ සීත කාලය ආරම්භ වනවාත් සමඟ අප්‍රිකානු කලාපය දෙසට ගමන් කිරීමේ අරමුණ ඇතිව තම නඩය ඒකරාශී කර ගැනීම වෙනුවෙනි . මෙම කුරුලු රෑනක සාමාජික ප්‍රමාණය 750 000 සිට දස ලක්‍ෂය දක්වා විය හැකියි . ඔවුන්ගේ විද්‍යාත්මක නාමය Sturnus vulgaris ය . මෙම පක්ෂීන්ගේ පියාපත් වලින් නිකුත් කරන සිහින් ශබ්දය ඔවුනොවුන් අතර මිමුණුමක් සේ ගමන් කරමින් රෑනට සාමාජිකයන් එකතු කර ගැනීම සඳහා අනුබල සපයයි . මෙය storni කුරුල්ලන්ගේ මැසිවිල්ල ලෙස හඳුන්වනු ලබයි .
මොවුන්ට දිනකට කිලෝමීටර් සීයක් පමණ පියාඹා යා හැකි අතර මේ අභිරහස් කුරුලු නර්තනයක් දළ වශයෙන් විනාඩි 45ක පමණ දිගු කාලක් පැවතිය හැකිය .






