බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු ලෙස කරයුතු කරන ප්‍රසන්න රොද්‍රිගෝ අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කර තිබෙනවා. ඒ ප්‍රශ්න ඇසීමේදී ක්‍රිකට් ආයතනයට පක්ෂපාතී ප්‍රශ්න පමණක් විමසන ලෙස බලපෑම් කරමිනුයි. එලෙස නොමැතිව මාධ්‍යහමු වලදී ප්‍රශ්න අසන මාධ්‍ය ආයතන සදහා යලිත් ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් තරග තහනම් කරන බව මෙහිදී ඔහු ව්‍යංගයෙන් පවසා ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් දූෂණ හා අක්‍රමිකතා අනාවරණය කළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිටපු සභාපති ශම්මි සිල්වාගේ කාලයේ වාරණයට ලක් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකදී පළමුව ප්‍රකාශ කරනු ලැබුවේ එවැනි ප්‍රශ්න නොඅසන ලෙසයි. මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල කිසියම් ආගමක් සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්නේද යන්නයි. ප්‍රශ්නය යොමු කළේ මේ වන විට බෝන් අගේන්, ක්‍රිකට් ආක්‍රමණය කර තිබීම සමාජ මාධ්‍ය තුල පසුගිය කාලය පුරාම සාකච්ඡා වීම හේතුවෙන් විය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවා බෝන් අගේන් සාමාජිකයෙක් බවට ඇතමුන් පවසනවා.

මෙම ප්‍රශ්නයට ඉරාන් මෙන්ම රොෂාන් මහානාමත් පිලිතුරු ලබා දෙමින් පැවසුවේ එවැනි තත්වයක් නැති බවයි. එමෙන්ම අති බහුතරය සිංහල බෞද්ධ බවත්, මහානාම මෙහිදී පෙන්වා දුන්නා. එම පිලිතුරු ලබාදීමෙන් පසු බෝන් අගේන් සාමාජික බව කියන ප්‍රසන්න රොද්‍රිගෝ එම ප්‍රශ්නය විමසූ මාධ්‍යවේදියාට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් ප්‍රකාශ කළේ එවැනි ප්‍රශ්න නොවිමසන ලෙසයි. මාධ්‍ය හමුවට පැමිණ විමසිය යුත්තේ ක්‍රිකට් ආයතනය ලබාදෙන ප්‍රශ්න පමණක් බවට මෙහිදී ඇගවුණා. එම අවස්තාවේ මාධ්‍යවේදියකු පෙරලා ප්‍රශ්න ඇසීම තම අයිතිය බවත් ඊට සීමා පැනවීමට අයිතියක් මාධ්‍ය කළමණාකරු බෝන් අගේන් සාමාජික බව කියන ප්‍රසන්න රොද්‍රිගෝට අයිතියක් නැති බවත් කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු ලෙස මාධ්‍ය හමු සදහා මෙන්ම කණ්ඩායම තේරූ විට මාධ්‍යවේදීන්ට ඊමේල් යැවීම හා ක්‍රිකට් තරග පැවැත්වෙන විට හිතවත් මාධ්‍යවේදීන් සදහා නිල හැදුනුම්පත් සමග ප්‍රවේශ පත්‍ර 20ක් ලබාදීම සිදු කරන ප්‍රසන්න රොද්‍රිගෝ මාසිකව රුපියල් ලක්ෂ 5කට ආසන්න වැටුපක් ලබනවා. ඒ සදහා ඔහුට සහය වීමට බව පවසා චමිල කරවිට නම් හිටපු මාධ්‍යවේදීක්ව ක්‍රිකට් ආයතනයට බදවාගෙන ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 3ක වැටුපකට බව කියනවා. මේ චමිල ක්‍රිකට් ආගමනය සිදුවූයේද තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී ඔහුගේ උවමනාවන් සදහායි.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය සිදු කරන්නේ පොඩි ළමයෙක්ට උවත් කළ හැකි වැඩ කොටසකි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තබන සන්නාමයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය මෙලෙස නම් අනෙක් තැන් කෙලෙස ඇත්ද ? ක්‍රිකට් දූෂණ හා වංචා අනාවරණය කළ මාධ්‍යවේදීන් නිසා පරිවර්තන කමිටුවක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පත්කළ බව අවසන් ලෙස මතක් කරනු කැමතියි. ක්‍රිකට් යනු බෝන් අගේන් හෝ වෙනත් කාගේවත් බූදලයක් නොවන බව සියල්ලන් මතක තබා ගත යුතු සත්‍යයි.

ගවේෂණාත්මක ක්‍රීඩා වාර්තාකරු

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...